මාස හයට වෘත්තිකයෝ 4000ක් රට හැර ගිහින් – නාලක ගොඩහේවා කියයි

171

අසාධාරණ බදු ප්‍රතිපත්ති හමුවේ මෙම වසරේ (2023) පළමු මාස 06ක කාලයේ දී වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු වෘත්තිකයන් හාරදහසකට ආසන්න පිරිසක් රට හැරගොස් ඇතැයි නිදහස ජාතික සභාවේ සාමාජික සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.

එම පිරිස අතර වෛද්‍යවරුන් 800ක් පමණ ද විශේෂඥ වෛද්‍යවරුන් 300ක් පමණ ද ඉංජිනේරුවන් 1000ක් පමණ ද විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 500ක් පමණ ද වෙනත් වෘත්තියකයන් දහසකට අධික පමණ පිරිසක් ද සිටින බව ඒ මහතා සඳහන් කරයි. බදු අයකිරීම අසාධාරණ වූ විට ජනතාව සහ ව්‍යාපාරිකයන් බදු නොගෙවන බවත් බදු ගෙවන ජනතාව රට හැර යන බවත් ව්‍යාපාරිකයන් සිය ව්‍යාපාර වසා දමන බවත් නාලක ගොඩහේවා මහතා සඳහන් කළේය. 2033 ජුනි මාසය වන විට ආණ්ඩුවට එකතුකර ගැනීමට හැකිව ඇත්තේ අපේක්ෂිත බදු ආදායමෙන් සියයට 77ක් වැනි ප්‍රමාණයක් බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment