අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනයක්

373

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කිරීමට ඛනිජ තෙල් සංස්ථාව තීරණය කර ඇත.ඒ අනුව රුපියල් 447ක් වන පෙට්‍රල් 95 වර්ගය ලීටරයක මිල රුපියල් 07කින් අඩුවේ.නව මිල රුපියල් 440කි. රුපියල් 458ක් වන සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 72කින් අඩුවේ.නව මිල රුපියල් 386කි.රුපියල් 257ක් වන භූමිතෙල් ලීටරයක මිල රුපියල් 12කින් අඩුවේ.නව මිල රුපියල් 245කි. ලීටරයක් රුපියල් 371ක් වන ‍ පෙට්‍රල් 92 සහ ලීටරයක් රුපියල් 363ක් වන ඔටෝ ඩීසල් මිල සංශෝධනය කර නැත.

advertistmentadvertistment
advertistmentadvertistment