විදුලි යතුරුපැදි හා පාපැදි බලපත්‍ර යටතේ ආනයනයට අවසර

295

වාහන – ටයිල් – කළුගල් ඇතුළු ඉදිකිරීම් අමුද්‍රව්‍ය රැසක් කොන්දේසි යටතේ ගෙන්වන්නත් අවසර

විදුලි යතුරුපැදි සහ පාපැදි, බලපත්‍ර යටතේ ආනයනය කිරීමට අවසර ලබා දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනය අනුව පෙරේදා (24 වැනිදා) සිට එසේ විදුලි යතුරුපැදි සහ පාපැදි ගෙන්වීමට අවසර හිමිවෙයි.

මෙහිදී විදුලි යතුරුපැදි ගෙන්වීමේදී එකකට රුපියල් 4000 ක මුදලකුත් පා පැදියක් සඳහා රුපියල් 1000කුත් ලෙසින් බලපත්‍ර ගාස්තුවක් අය කෙරෙයි.

එසේම මෙතෙක් ආනයනය තහනම් කර තිබූ ඉදිකිරීම් කර්මාන්තයට අවශ්‍ය වන වාහන, ටයිල්, කළුගල් ඇතුළු ඉදිකිරීම් අමුද්‍රව්‍ය රැසක් කොන්දේසිවලට යටත්ව ආනයනය කිරීමට ද එම ගැසට් නිවේදනයට අනුව අවස්ථාව හිමි වී ඇත.

එසේ ආනයනයන් සිදු කළ හැක්කේ ආයෝජන මණ්ඩලය යටතට නොගැනෙන අනුමත නිවාස ව්‍යාපෘති, මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති සහ රජයේ ව්‍යාපෘති සඳහා පමණි.

අදාළ ඉදිකිරීම් උපාංග ගෙන්විය යුත්තේ ඍජුව හෝ වක්‍රව නැවත විකිණීමේ අරමුණින් නොවන බව ද එම ගැසට් නිවේදනයේ දැක්වේ. ඒ සඳහා කරනු ලබන ගෙවීම් දින 180ක ණයවර ලිපි යටතේ සිදු කළ යුතු අතර මේ සඳහා ආනයන අපනයන පාලකවරයාගේ, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ සහ මුදල් ඇමැතිවරයාගේ අවසරය ලබාගත යුතු බවට ද කොන්දේසි පැනවී ඇත.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment