නියෝගවලට පටහැණිව මහනුවර ටියුෂන් දුන්න ගුරුවරු හැටකට මාරු

128

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නියෝගවලට පටහැණිව මුදලට පෞද්ගලික පන්ති පැවැත්වූ ගුරුවරුන් හැටකට ආසන්න සංඛ්‍යාවකට ස්ථාන මාරු ලබා දීමට මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී.

මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් මේනක හේරත් මහතාගේ උපදෙස් මත මෙම මාරු ක්‍රියාත්මක කෙරෙනු ඇත.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා විසින් චක්‍රලේඛයක් මගින් මධ්‍යම පළාතේ ගුරුවරුන් වෙත නිවේදනයක් නිකුත් කරමින් තම පන්තිවල සිසුන්ට මුදලට විශේෂ පන්ති පැවැත්වීම තහනම් කර තිබිණ. චක්‍රලේඛය නිකුත් කිරීමෙන් පසුව කරන ලද වැටලීම් හා විමර්ශනවලින් පසුව පෞද්ගලික පන්ති පැවැත්වූ ගුරුවරුන් තහවුරු කරගෙන තිබේ.

සිරිල් විමලසුරේන්ද්‍ර

advertistmentadvertistment
advertistmentadvertistment