කෝටි 8 ක රත්‍රන් සහ විදෙස් මුදල් තොගයක් සමග කල්ලියක් අත්අඩංගුවට

114

මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට යවන්න හැදුවාදැයි සැක

රුපියල් කෝටි 8 කට අධික වටිනාකමෙන් යුත් රත්‍රන් තොගයක් සහ ඇමරිකන් ඩොලර් 8000 ක් රටින් පිටකිරීම සඳහා රැගෙන යමින් සිටි සංවිධානාත්මක කණ්ඩායමක් පොලිස් විශේෂ කාර්ය බළකායේ අධිවේගී මාර්ග ඒකකය මගින් සීදූවේදී ඊයේ (5 දා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම රත්‍රන් සහ ඩොලර් කල්පිටිය හෝ මන්නාරම ප්‍රදේශයෙන් මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවට රැගෙන යෑමට මෙසේ රැගෙන යන්නට ඇති බවට සැක පහළ කරයි.

අත්අඩංගුවට ගත් රන් තොගය කිලෝග්‍රෑම් තුනහමාරක බරින් යුක්ත බව විශේෂ කාර්ය බළකාය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා, රන් තොගය සහ ඩොලර් 8000 වැඩිදුර විමර්ශනය සඳහා සීදුව පොලිසිය වෙත භාරදී ඇත.

සැකකරුවන් කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ මෝටර් රථයක මෙම රන් තොගය සහ ඩොලර් රැගෙන යමින් සිටියදී මෙසේ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට කොටුවී තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත විමර්ශන පැවැත්වෙයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment