ලොව පරණම රස්සාව කරන කොල්ලුපිටියේ සෙන්ටර් එකෙන් හමුවූ

1591

අවුරුදු විසිහතරේ කෝටිපති තරුණිය

වත්කම කෝටි දහයයි

දියණියට වයස අවු. 7

සුඛෝපභෝගි මෝටර් රථ තුනක් සමග තෙමහල් නිවසකුත්

ලොව පැරණිතම වෘත්තියක් ලෙස ගැනෙන ගණිකා වෘත්තිය එදා මෙන්ම මේ වන විට ද ලොව පුරා ක්‍රියාත්මකය. ඒ අර්ථයෙන් ගත් කල මෙරට ද එහි වෙනසක් නැත. විවිධ සමාජ තත්ත්වයන් තුළ ඒ ඒ සමාජයට ගැළපෙන පරිදි “ඇඟ මස වෙළෙඳාම” හෙවත් ගණිකා සේවය අන් කවරදාටත් වඩා මේ වන විට මෙරට තුළ සරු ව්‍යාපාරයක් වශයෙන් ක්‍රියාත්මකය. ශිෂ්ට සමාජය විසින් කිසිසේත්ම අනුමත නොකරන මෙවැනි ජාවාරම් හේතුවෙන් රටේ ප්‍රතිරූපය මෙරට පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද අපකීර්තියට ලක් වන අතර මෙරට දී ගණිකා සේවයේ නිරත වීම පිණිස ලොව බොහෝ රටවල සිට ගණිකාවන් මෙරටට පැමිණෙන බවද නොරහසක්ය. ඒ අනුව දෙස් විදෙස් ගණිකා සේවය රිසිසේ ලබා ගැනීමේ පහසුකම් මෙරට තුළ බහුලය.

සරු ව්‍යාපාරයක් ලෙස රට තුළ ක්‍රියාත්මක ගණිකා ජාවාරමේ “සරු” “නිසරු” බව තීරණය වන්නේ එවැනි ගණිකා ව්‍යාපාර පවත්වාගෙන යන ප්‍රදේශය එමෙන්ම එවැනි ජාවාරම් පවත්වාගෙන යනු ලබන ස්ථානය පවතින සැපපහසුව, ආරක්ෂාව සහ අදාළ වෘත්තීය නිරත කාන්තා පාර්ශ්වයන්ගේ හැඩරුව, උසමහත සහ ඔවුන් සොයා පැමිණෙන සේවාලාභීන් වෙත ලබාදෙන තව තවත් දේ මතය. වීදි ගණිකාවන් බහුල කොළඹ නගරය හැරුණුකොට ඉහත සඳහන් සුවපහසු ගණිකා නිවාස පවත්වාගෙන යනු ලබන තවත් බොහෝ ස්ථාන කොළඹ නගරය හා ඒ අවට මේ මොහොත වන විටද විට ද ක්‍රියාත්මකය. මෙහි සටහන් කරනු ලබන්නේ ඉකුත් දිනක පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් ඉකුත් දිනෙක වටලන ලද එවැනි එක් ගණිකා නිවාසයක් පිළිබඳවය. එතෙක් කලක් නීතියේ ඇසට වැලි ගසමින් පවත්වාගෙන ගොස් තිබෙන එම ගණිකා නිවාසය වැටලීමෙන් අනතුරුව මෙරට ක්‍රියාත්මක සුපිරි පන්ති ගණිකා ජාවාරම පිළිබඳ මෙතෙක් කලක් රට නොදැන සිටි බොහෝ තොරතුරු වාර්තා වූ අතර කොල්ලුපිටිය 17 වන පටුමග පිහිටි දෙමහල් ගොඩනැඟිල්ලක ක්‍රියාත්මක වූ එම ගණිකා ජාවාරම නීතියේ රැහැනට කොටුකර ගත් මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ මේ ආකාරයෙන්ය.

ඉකුත් දිනෙක පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහතා වෙත ලැබෙන එක්තරා තොරතුරකින් කියවෙන්නේ කොල්ලුපිටිය 17වන පටුමග පිහිටි එක්තරා දෙමහල් ගොඩනැඟිල්ලක සුපිරි පන්තියේ ගණිකා නිවාසයක් පවත්වාගෙන යන බවත් එහි සේවය කරනු ලබන සුරූපිනියන්ගේ පහස පතා උසස් යැයි සම්මත සමාජය නියෝජනය කරන පුද්ගලයන් නිතර එහි යන එන බවත්ය. එම තොරතුර විසින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙරට මෙන්ම විදේශීය ගණිකාවන්ද එහි සේවයට යොදවා තිබෙන බවත් එහි යන එන ගනුදෙනුකරුවන් සඳහා ඉහළ ආරක්ෂක වැඩපිළිවෙළක් ද එම ස්ථානයේ ක්‍රියාත්මකව පවතින බවත්ය. ඉහළ මිල ගණන් යටතේ දේශීය මෙන්ම විදේශීය “කාන්තා පහස” විඳීම පිණිස කදිම ස්ථානයක් ලෙස ප්‍රකටව පවතින මෙම සුපිරි පන්තියේ ගණිකා නිවාසය පිළිබඳව කිසිදු සෝදිසි කිරීමක් එතෙක් දිනක් සිදු නොවූ බවට ද සහකාර පොලිස් අධිකාරිවරයා වෙත ලැබුණු තොරතුරෙහි වැඩිදුරටත් සඳහන් වී ඇත.

තමන් වෙත ලැබුණු එම තොරතුරු පිළිබඳව විමසිලිමත් වන සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහතා පළමුව ඒ පිළිබඳව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ඒ පිළිබඳ දැනුම් දෙන අතර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට වැඩිදුරටත් උපදෙස් ලබා දෙමින් සඳහන් කර සිටින්නේ අදාළ තොරතුරු පිළිබඳ වැඩිදුරටත් සොයා බැලීමකින් අනතුරුව ඒ පිළිබඳ විධිමත් ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන ලෙසය. තමන් වෙත ලැබුණු තොරතුරු අනුව ක්‍රියාත්මක වන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතා ඒ පිළිබඳව තම නිලධාරීන් දැනුවත් කරන අතර අදාළ ස්ථානය පිළිබඳව සහ එහි ක්‍රියාත්මක ගණිකා ජාවාරම පිළිබඳව සොයා බැලීම පිණිස පොලිස් සැරයන්වරයකු ඇතුළු තවත් police නිලධාරීන් කිහිපදෙනකු ගේ සහයෝගය ලබාගෙන ඇත. ඒ අනුව ක්‍රියාත්මක වන පොලිස් සැරයන්වරයා ජනාධිපතිවරයා විසින් ලබා දුන් ලිපිනයට ඒ අනුව කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි එම ස්ථානය වෙත ආවේක්ෂණ රාජකාරිය පිණිස පිටත්ව යන අතර එහිදී ඔහුගේ නිරීක්ෂණයට ලක්ව ඇත්තේ පොලිසිය වෙත ලද තොරතුරෙහි යම් සත්‍යයක් පවතින බවත් සැකකටයුතු ස්ථානය මුල් කරගනිමින් රහසිගත ගණිකා ජාවාරමක් සිදුවෙමින් පවතින බවත්ය.

පොලිස් සැරයන්වරයා විසින් සඳහන් කළ තොරතුරු වලට අනුව යමින් ක්‍රියාත්මක වන වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව ඉකුත් දිනක මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගිය ස්ථානය මුල් කරගනිමින් වැටලීමක් සිදු කරන අතර ඒ සඳහා උප පොලිස් පරීක්ෂකවරයක ු ඇතුළු පොලිස් නිලධාරීන් අට දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි වී ඇත. එම වැටලීම සිදු කිරීමට පෙර අදාළ ස්ථානයේ ආවේක්ෂණ රාජකාරියේ නිරත පොලිස් සැරයන්වරයා ධනවත් මැණික් ව්‍යාපාරිකයෙක් ලෙස වෙස්වලාගනිමින් ද තවත් පිරිසක් අවට රාජකාරි සිදු කරමින් ද මෙම වැටලීම සිදු කරන අතර මැණික් ව්‍යාපාරිකයෙක් ලෙස වෙස්වලාගත් පොලිස් සැරයන්වරයා පළමුව 17 වන පටුමග කොල්ලුපිටිය පිහිටි ගණිකා නිවාසය වෙත පිවිස ඇත්තේ සුරූපී තරුණියකගේ පහස විඳීම පිණිස තමන්ට බලවත් අවශ්‍යතාවයක් ඇති බවට එහි කළමනාකාරීත්වය දැනුවත් කරමින්ය. ඒ අනුව ක්‍රියාත්මක වන කළමනාකාරවරයා රුපියල් 10,000ක මුදලක් අය කර ගැනීමෙන් අනතුරුව මැණික් ව්‍යාපාරිකයාගේ අවශ්‍යතාවයට සරිලන තරුණියක් ඔහු වෙත ලබා දී ඇත. එම තරුණිය ද සමග එම ගොඩනැඟිල්ලේ ඉහළ මාලයේ සුවපහසු කාමරයක් වෙත පිවිසෙන පොලිස් සැරයන්වරයා උපායමාර්ගිකව අනෙකුත් නිලධාරීන් දැනුවත් කරන අතර නොබෝ වේලාවකින් සිදු වන්නේ ගණිකා නිවාසයේ කළමනාකාරීත්වය හෝ මුදලට අලෙවි වූ සුරූපී තරුණිය කිසිසේත්ම අපේක්ෂා නොකළ සිදුවීමක්ය. වහාම සැකකටයුතු ස්ථානය වෙත කඩා පනින පොලිස් නිලධාරීන් පිරිස ඒ වන විට ද වෙස් වලාගත් පොලිස් නිලධාරියා සමග යහනට පිවිසීම පිණිස සූදානමින් සිටි තරුණිය සහ තවත් තරුණියන් දෙදෙනකු සහ එම ගණිකා නිවාසය පවත්වාගෙන ගිය පුද්ගලයා සහ එහි කළමනාකරු ලෙස පෙනී සිටි තවත් අයෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම අරඹන අතර එතෙක් කලක් හොර රහසේ පවත්වාගෙන ගිය සුපිරි පන්තියේ ගණිකා නිවාසය පිළිබඳව වැඩිදුරටත් තොරතුරු අනාවරණය වන්නේ ඉන් අනතුරුවය.

පොලිසිය විසින් හෙළිකර ගත් තොරතුරුවලට අනුව එහිදී අත්අඩංගුවට ගත් 24 හැවිරිදි මෙරට තරුණියක් පොලිසිය හමුවේ සඳහන් කර ඇත්තේ තමන් කලක පටන් ලොව පැරණිතම වෘත්තිය වන ගණිකා වෘත්තියේ නිරතවන්නියක් බවය. ඒ හරහා තමන් දිනකට රුපියල් ලක්ෂය ඉක්මවා යන ආදායමක් ලබන බවත් සඳහන් කර ඇති එම තරුණිය 07 හැවිරිදි දියණියකගේ මවක් බවටද පොලිසිය විසින් වැඩිදුරටත් තොරතුරු අනාවරණය කරගෙන ඇත. අත්අඩංගුවට පත්වන අවස්ථාවේ එම ගණිකා නිවාසය වෙනත් කාමරයක මෙම තරුණියගේ දියණිය සුරක්ෂිතව පසු වන ආකාරය ද පොලිසිය විසින් නිරීක්ෂණය කොට ඇත. පොලිසිය විසින් වැඩිදුරටත් සොයාගත් තොරතුරුවලට අනුව මෙම තරුණිය සුඛෝපභෝගී මෝටර් රථ තුනක සහ තවත් වත්කම් රැසක හිමිකාරියක්ය. ඒ අතරට පිළියන්දල ප්‍රදේශයේ ඉදි කරනු ලබන තෙමහල් නිවසක් ද ඇතුළත්ය. එහිදී අත්අඩංගුවට ගත් තායි ජාතික තරුණියන් දෙදෙනා කලක පටන් මෙරට ගණිකා වෘත්තියේ නිරතව සිටින අතර ඔවුන් සතුව විදෙස් ගමන් බලපත්‍ර පවා තිබී නැත. පොලිසිය විසින් එම තරුණියන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් සඳහන් කර ඇත්තේ තායිලන්ත භාෂාව හැර වෙනත් භාෂාවක් ඔවුන් නොදන්නා බවක්ය. ඊට අමතරව පොලිසිය විසින් හෙළිදරව් කර ගත් කරුණුවලට අනුව මෙම ගණිකා නිවාසය පවත්වාගෙන යෑම පිණිස මසකට රුපියල් 475000/= මාසික කුලියක් වැයකර තිබෙන අතර අත්අඩංගුවට ගත් 24 හැවිරිදි තරුණියට අයත් මෝටර් රථ තුන අතරින් “තිළිණයක්” ලෙස එක් රථයක් ප්‍රදානය කර ඇත්තේ මෙරටට කෝටිපති ව්‍යාපාරිකයකු විසින්ය. ඒ බව අත්අඩංගුවට පත් තරුණිය විසින් පොලිසිය හමුවේ සඳහන් කර ඇත.

ගණිකා සේවයේ නිරතව ලබා ගන්නා ඉහළ ආදායමෙන් සුපිරි ජීවිතයක් ගත කර ඇති මෙම තරුණිය අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ද ගණිකා නිවාසය පවත්වාගෙන යන බවට සැක කරන පුද්ගලයා සමග එම ගොඩනැඟිල්ලේ වෙනත් කාමරයක රැඳී සිට ඇත. එපමණක් නොව පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ ගණිකා නිවාස පිහිටි ගොඩනැඟිල්ල අලුත්වැඩියා කිරීම පිණිස ද එම තරුණිය විසින් රුපියල් තිස් පන් ලක්ෂයක ණය මුදලක් ලෙස ලබාදී ඇති බවත් අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ද එම තරුණිය සන්තකයේ රුපියල් ලක්ෂයකට අධික මුදලක් පැවති බවත්ය. මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගිය පුද්ගලයා කලක් යුද හමුදා සේවයේ නිරත පුද්ගලයකු බවට ද පොලිසිය විසින් හඳුනාගෙන තිබෙන අතර අත්අඩංගුවට පත් වූ අවස්ථාවේ වැළඳුණු හෘදයාබාධයක් හේතුවෙන් ඔහුව පොලිස් ආරක්ෂාව යටතේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පොලිසිය විසින් කටයුතු කර ඇත. සල්ලාල ධනවතුන්ගේ ඇඟ මස පිනවීම පිණිස එතෙක් දිනක් කොල්ලුපිටියේ පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවාසය ඉහත සඳහන් ආකාරයට වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් ඉකුත් දිනෙක වටලන ලද්දේ ඒ ආකාරයෙන්ය.

එහි අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහතාගේ උපදෙස් පරිදි වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ මෙම වැටලීම උප පොලිස් පරීක්ෂක සඳරුවන් පො. සැ (428) ජයලාල්, පො. කො (84889) උදය කුමාර, පො. කො. (35039) මධුසංක, පො. කො (104679) නිරංජන්, පො. කො. (104891) හිරුශාන් කා. පො. කො 11352 දිල්හාරා කා. පො. කො. (13103) සමිතා පො. කො. රි. (105536) මල්ලවආරච්චි යන නිලධාරීන් විසින් සිදුකරන ලදී.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment