මේක ඇත්තටම ඛේදවාචකයක්…

450

අද රංගවේදියෙක්
 කතාබහ- – සම්පත් තෙන්නකෝන්


 පාසල් කාලය

 මගේ ගම නුවර” ගම්පොල. නමුත් පාසල් ගියේ කොළඹ ඉසිපතන විද්‍යාලයට. මේ 1974–75 කාලයේ. ඒ කාලෙ කවුරුත් නාට්‍යවලට සම්බන්ධ වෙනවා. ලූම්බිණි රඟහල තියෙන්නෙ අපේ පාසල කිට්ටුව. ඉස්සර හැමදාම නාට්‍ය පෙන්වනවා. ඉතිං අපේ පන්තියේ යාළුවො කිහිප දෙනෙක් හුරුවෙලා හිටියා නාට්‍ය බලන්න යන්න. ඒ අපි 8—9 ශ්‍රේණිවල ඉගෙන ගන්න කාලෙ.

 වේදිකාවට හිත යයි

 

මේක ඇත්තටම ඛේදවාචකයක්...

නිතර ලූම්බිණි රඟහලට යන නිසා ඩග්ලස් සිරිවර්ධන මහත්මයා රඟපෑ ‘අඹුසැමියෝ. වගේ නාට්‍ය දකින්න ලැබෙනව. ඔවුන්ගේ රඟපෑම දකින මටත් නිරායාසයෙන්ම ඒ ගැන ආසාවක් ඇතිවෙනව.

 ප‍්‍රසිද්ධ වේදිකාවට

 මෙහෙම කාලයක් යද්දි ‘අඹුසැමියෝ. දෙවැනි නිෂ්පාදනය සිදුවෙනව. මේ වෙනකොට මම උසස් පෙළ ලියල පාසල් කාලය අවසන් කරල ඉන්න කාලෙ. එතනදි ඩග්ලස් සිරිවර්ධන මහත්මයා මට කතාකරනව” සම්පත් මේකෙ චරිතයක් කරමුද කියල. ඒ ‘ලිවේරා. ගේ චරිතය. ඒ චරිතය මුල් නිෂ්පාදනයේදී රඟපෑවෙ නීල් අලස් මහත්මයා. ඒ විදියට එදා ලූම්බිණි ර`ගහලේදි ආසාවෙන් නරඹපු නාට්‍යයේ ප‍්‍රධාන චරිතයක් මට ලැබෙනව. ඒක මගෙ ජීවිතයේ ලබපු ලොකු භාග්‍යයක් හැටියටයි මම සලකන්නෙ.

 වැඩ ගොඩක්අ ඹුසැමියෝ නාට්‍යයෙන් පස්සෙ දයාරත්න

 රටගෙදර මහත්මයාගේ

 ‘ගරු ලිසී.” සුනිල් හොරේෂස් මහත්මයාගේ

 ‘ඇගෙ නම රතී.” අසෝක සෙනරත් මුදලිගේ මහත්මයාගේ

 ‘නායකයා.” සුසිල් කුලරත්න මහත්මයාගේ ‘නුඹ විතරක් තල එලලූ. (ප‍්‍රධාන චරිතය 1980)” සෝමපාල පතිරගේ

 මහත්මයාගේ ‘තුංමන්සල. (1983)” ඩග්ලස් සිරිවර්ධන මහත්මයාගේ ‘සුබ සැන්දෑවක්. (ප‍්‍රධාන චරිතය (1984)” ‘හිට්ලර්.”

 ජයලත් මනෝරත්න මහත්මයාගේ ‘පුත‍්‍ර සමාගම.”

 ‘තල මල පිපිලා. (1988)” අන්දරේලා. (1992)” ‘ගුරු තරුව. (1996)” කපිල කුමාර කාලිංග මහත්මයාගේ ‘නෙළුම් පොකුණ.” මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘මහාසාර.” ශ‍්‍රියන්ත මෙන්ඩිස් මහත්මයා නිෂ්පාදනය සහ අධ්‍යක්‍ෂණය කළ ‘පේමතො ජායතී සොකො.

 (තුන්වැනි නිෂ්පාදනය 1990)” ඉන්දික ෆර්ඩිනැන්ඞ් මහත්මයාගේ ‘නහය නැති මිනිහා.” සුසිල් චන්ද්‍රසිරි මහත්මයාගේ ‘ජන මිතුරා.” බන්දුල විතානගේ මහත්මයාගේ ‘රෝමය ගිනිගනී.”

 කේ. බී. හේරත් මහත්මයාගේ ‘ජගන්මා.” ‘වාසුදේව.” ජනක් පේ‍්‍රමලාල් මහත්මයාගේ ‘අබුද්ධස්ස කෝලම. රෝලන් ප‍්‍රනාන්දු මහත්මයාගේ ‘දිවැස් හෙලනු මැන. රංජිත් ධර්මකීර්ති මහත්මයාගේ ‘මේඝ.” ‘ක්විණි.” අනුර ඒකනායක මහත්මයාගේ

 ‘සුදු රෙදි හොරු.” ධර්මසිරි බණ්ඩාරනායක මහත්මයාගේ

 ‘ඒකාධිපති. වගේ නාට්‍ය රැුසක මගේ දක්‍ෂතා පෙන්වන්න මට අවස්ථාව ලැබෙනව.

 දක්‍ෂතා රැුසක්

 මම එකතැනකට කොටු වුණෙ කෙනෙක් නොවෙයි. මේකප්” ඇඳුම් නිර්මාණය සහ පසුතල නිර්මාණයටත් සම්බන්ධ වුණා. රංගනය වගේම පෝස්ටරයක් වුණත් නිර්මාණය කරන තැන ඉඳන් අලවන තැන දක්වා ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඒ ඉගෙනීමේ ප‍්‍රථිපලයක් විදිහට ‘අබුද්ධස්ස කෝලම. නාට්‍යයේ පසුතල නිර්මාණය වෙනුවෙන් 1981 වසරේදි පැවැත් වුණ යොවුන් නාට්‍ය උළෙලෙදි හොඳම පසුතල නිර්මාණයට හිමි සම්මානය මට හිමි වුණා.

 වෘත්තිය

 එදා අපේ දෙමව්පියො අපිව රැුකියාවලට යොමු කරන්න ගොඩක් උත්සාහ කළා. ඒත් අපේ ඇඟ් තිබුණෙ කලාව. බලකිරීම් නිසා පොඩි පොඩි දේවල් කළත් එදා ඉඳන් අද දක්වා කලාව රැුකියාව කරගෙන ජීවත් වෙනව. ගෘහ නිර්මාණ ශිල්පය” මාධ්‍ය කලාව” ග‍්‍රැෆික් ඩිසයින් වගේ වෘත්තීන් ගැන හොඳ දැනුමක් තියෙනවා. ඒ එකක් හරි තෝරාගත්තා නම් රංගනය එක්ක අමතර වෘත්තියක්් විදිහට කරන්නත් තිබුණා කියල අද හිතෙනවා.

 බිරිඳ රත්නා ලාලනී මුණගැසීම

 අපි 1982 වසරේ ඉඳන් දැනහැඳුනුම්කම තිබුණට පෙම්වතුන් නොවෙයි. 1984–85 අවුරුදුවල ඩග්ලස් සිරිවර්ධන මහත්මයා අධ්‍යක්‍ෂණය කළ ‘සුබ සැන්දෑවක්. නාට්‍යයේ මම මාර්ක්” රත්නා ලීසා. ඒ වගේම ජයලත් මනෝරත්න මහත්මයාගේ ‘පුත‍්‍ර සමාගම. නාට්‍යයේ මම පුඩිමෝ” රත්නා නීනා. මේ නාට්‍ය දෙකේම අපි පෙම්වතුන්ගේ චරිතය කළේ. නමුත් ඔවුන්ට කවදාවත් එකතු වෙන්න ලැබුණෙ නැහැ. කොහොම වුණත් මේ නාට්‍යයන්වල එකට වැඩකරද්දි එකිනෙකා ගැන ඇතිවුණ අවබෝධයත් එක්ක වසර පහක ආදර කතාවකින් අනතුරුව අපි සැබෑ ජීවිතයෙත් පෙම්වතුන් වෙලා අඹුසැමියන් බවටත් පත් වුණා.

 අපෙන් වැඩක්

2017 වසරේදි ‘දෙසීය තුන්සීය. කියල මම සහ රත්නා එකතුවෙන් නාට්‍යක් කළා. ඒක ජයලත් මනෝරත්න මහත්මයාගේ මුල්ම පරිවර්තනය. එතුමාත් මේ නාට්‍යයේ රඟපෑවා. රාජ්‍ය නාට්‍ය උළෙලෙදි සම්මාන පවා හිමි වුණ ‘දෙසීය තුන්සීය. අරගෙන අපි යුරෝපයේ රටවල් ගණනාවක සංචාරය කළා. මෙතනදි එක රටකින් කුලියට ලබාගන්නා වාහනයක් ගොඩබිම හරහා රට රට වලට පදවාගෙන යන්නෙත් මම මයි.

 නිහඩ සේවයක්

 ‘දෙසීය තුන්සීය. නාට්‍යය යුරෝපයේ රංගගත කළාට පස්සෙ වෙනත් නාට්‍ය කිහිපයක්ම ඒ රටවල්වලට අරගෙන යන්න මට අවස්ථාව ලැබුණා. ඒ නාට්‍ය අතර දිවැස් හෙලනු මැන” පුත‍්‍ර සමාගම”

මේක ඇත්තටම ඛේදවාචකයක්...



 මිනිසා වැනි නාට්‍ය තිබුණා. මේ හරහා ශිල්පීන් බොහෝ පිරිසකට යුරෝපා සංචාරයට අවස්ථාව හිමි වුණා. ඒ වගේම ඒ රටවල කලාව සංස්කෘතිය හුවමාරු කරගැනීමේ අවස්ථාවත් අපිට උදා වුණා.

 වේදිකාවේ වර්තමානය

 අද බොහෝ නවක ශිලිපීන් ශිල්පිණියන් වේදිකාවට එන්නෙ ටෙලි නාට්‍ය හෝ සිනමාව ඉලක්ක කරගෙන. කැපවීම බොහොම අඩුයි. මෙතනින් අත්දැකීම් ටිකක් ලැබෙනකොට ඔවුන් ටෙලියකට දින දුන්නත් වේදිකාවට දිනයක් දෙන්නෙ නෑ. මුදල් මතම බොහෝ දේ තීරණය වෙලා. මේක ඇත්තටම ඛේදවාචකයක්.

 අනාගතය

 අද වෙනකොට බොහෝ නිර්මාණකරුවන් විවේකීව ඉන්නෙ. ඔවුන් පොත් පත් මගින් රූපවාහිය මගින් තමන්ගේ

 දැනුම මුවහත් කරගන්නවා. ඉතිං අද රටේ තියෙන තත්ත්වය යහපත් වුණ දවසක හොඳ නිර්මාණ බිහිවේවි. අපි සුබවාදීව බලාගෙන ඉන්නවා. අසනීප වුණත් අතපතගාමින් හරි වේදිකාවට ගොඩවෙනවා. දවසක වේදිකාව මතම අවසන් හුස්ම යනතුරු කලාව අතහරින්නේ නෑ.



 මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment