සෝමාලියානු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසු වූ ධීවරයන් මේ සතියේදී ගෙන්වා ගන්නවා – ඇමැති ඩග්ලස් දේවානන්දා

48

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් පැහැරගත් ධීවර යාත්‍රාවේ සිටි ධීවරයන් මේ සතිය තුළ ගෙන්වා ගැනීමට හැකිවනු ඇතැයි ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

සෝමාලියානු මුහුදු මංකොල්ලකරුවන් විසින් දැනට මාස දෙකකට ඉහතදී පැහැරගෙන යමින් සිටි ශ්‍රී ලාංකික යාත්‍රාවේ සිටි ධීවරයන් සීෂෙල්ස් මුහුදු ආරක්ෂක හමුදාව විසින් මුදාගෙන තිබුණි.

මාස දෙකක පමණ කාලයක මෙම පිරිස මෙරටට ගෙන්වා ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් ධීවරයන්ගේ ඥාතීහු ඊයේ (06දා) ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා හමුවූ අතර එහිදී ඇමැතිවරයා විසින් ධීවරයන් වෙනුවෙන් කළ හැකි මූල්‍ය ආධාරයන් ඔවුන්ගේ පවුල්වලට තමාට හැකි අයුරින් කළ බවත් ඔවුන් ගෙන්වා ගැනීමට ප්‍රමාද වීම ගැන කනගාටු වන බවත් ප්‍රකාශ කර තිබේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment