සරසවි විධායක නිලධාරීහු අඛණ්ඩ වර්ජනයක

17

විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ ගැටලුවලට විසඳුම් ලබානොදීම නිසා විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය ඊයේ (06දා) සිට අඛණ්ඩ වර්ජනයක් ක්‍රියාත්මක කළ බව එම සංගමයේ සභාපති එම්.ඩබ්ලිව්. වන්නිනායක මහතා ඊයේ (06දා) පැවසීය.

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ ගැටලුවලට විසඳුම් නොලැබීමට විරෝධය දක්වමින් ඔවුන් පසුගිය 02 වැනිදා සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතව සිටින බවත් විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය පසුගිය 03 වැනිදා වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළ බවත් වන්නිනායක මහතා පැවසීය.

මෙම වර්ජනයට සමගාමීව තම සංගමය කොළඹ පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට හෙට (08දා) පෙරවරු 10.00ට විරෝධතාවක් පවත්වන බවත් වැටුප් විෂමතා නිවැරදි නොකිරීම ඇතුළු ගැටලු 11ක් මුල් කරගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවත් ඔහු කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment