සැමියා බිරිඳට වායු රයිෆලයෙන් වෙඩි තබයි

1302


පල්ලම-රඹතලාවත්ත,ආඬිගම ප්‍රදේශයේ දී සැමියා විසින් සිය බිරිඳට වායු රයිෆලයකින් වෙඩි තබා තිබේ.

පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම ඊයේ (13) සිදුකර ඇති අතර තුවාල ලැබු කාන්තාව මේ වන විට නිකවැරටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය පැවසීය.

මෙලෙස තුවාල ලබා ඇත්තේ 51 හැවිරිදි රඹතලාවත්ත ආඬිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.
සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පල්ලම පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

advertistmentadvertistment
advertistmentadvertistment