යාපනයේ වෙළෙන්දන් 67 කට රුපියල් 575000 ක් දඩ

104

අපිරිසිදු හා සෞඛ්‍ය නීතිරීති වලට පටහැනි ලෙස ආහාර ද්‍රව්‍ය වෙළදාම් කළ වෙළෙන්දන් 67 දෙනෙකු යාපනයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අත් අඩංගුවට ගැනීම නිසා එම වෙළෙන්දන් ගෙන් යාපනයේ මල්ලාකම් අධිකරණය 10 දා පිරී පැවතුණි.මෙම වෙළෙන්දන්ගෙන් 49 දෙනෙකු යාපනයේ තැනින් තැන පදික වේදිකාවේ විවිධ ද්‍රව්‍ය මහජනයාට අලෙවි කරමින් සිටි වෙළෙන්දන් පිරිසක් වන අතර ඉතිරි වෙළෙන්දන් 18 දෙනා යාපානයේ වෙළද සැල් පවත්වා ගෙන යන වෙළෙන්දන් වූහ.

අවුරුදු සමය වෙණුවෙන් ජනතාවට ඉතා අඩු මුදලට ආහාර ද්‍රව්‍ය අලෙවි කරණ මුවාවෙන් මිනිස් ආහාරයට නුසුදූසු හා යල් පැනගිය ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම එම වෙළෙන්දන්ට එරෙහිව නැගී තිබූ චෝදනා වෙයි. මෙම සියලුම වෙළෙන්දන් වරද පිළිගැනීම හා ඉන් ඉදිරියට එවැනි කටයුතු සිදු නොකරන බවට අධිකරණයට පොරොන්දු වීම නිසා එක් එක් වෙළෙන්දාට රුපියල් 7500 සිට 25000 දක්වා විවිධ ප්‍රමාණ වලින් දඩ අය කොට එම වෙළෙන්දන් පිරිස මුදා හරීමට හැරීමට මල්ලාකම් මහේස්ත්‍රාත්වරයා පියවර ගෙන තිබුණි.

යාපනයේ වෙළෙන්දන් 67 කට රුපියල් 575000 ක් දඩ

advertistmentadvertistment
advertistmentadvertistment