මහ බැංකුව ඩොලර් නොදීම නිසා කළු කඩෙන් ඩොලර් අරන් කන්ටේනර් මුදාගන්න වෙලා

254

අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් නිදහස් කර ගැනීමට මහ බැංකුව නිසි ලෙස ඩොලර් ලබානොදෙන නිසා කළුකඩෙන් ඩොලර් ලබාගෙන වෙනත් ක‍්‍රම හරහා භාණ්ඩ නිදහස් කර ගැනීමට බොහෝ දෙනා පෙලඹී සිටින බව ආනයනකරුවෝ පවසති.

රුපියල පා කිරීම නිසා මේ වන විට ආනයනකරුවන් තවත් පැත්තකින් විශාල පාඩු ලබන තත්ත්වයට පත්වී ඇතැයිද ඔව්හු කියා සිටිති

මේ තත්ත්වය සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතාගෙන් ‘දිවයින’ කළ විමසීමේදී ඒ මහතා කියා සිටියේ මහ බැංකුව ඩොලර් ලබානොදෙන නිසා ආනයනකරුවන් විවිධ ක‍්‍රම මගින් ඒවා නිදහස් කර ගන්නා බවයි.

විදේශ රටවවලින් කෙටිකාලී ණය කාල සීමාවන්ට යටත්ව ඇතැම් අය භාණ්ඩ ආනයනය කර ඩොලරය රුපියල් 203ක් ලෙස සලකා ඒවා වෙළෙඳපොළට නිකුත් කළ බවද ඒ මහතා කීය. නමුත් රුපියල පා කිරීම නිසා ඩොලරයක මිල රුපියල් 230ක් පමණ වීමෙන් ආනයනකරුවන්ට විශාල පාඩුවක් සිදුව තිබෙන බවද් ඒ මහතා කීය.

කෙසේ වෙතත් අපේ‍්‍රල් මාසය වන විට අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය හිඟවී භාණ්ඩවල මිල ඉහළ යෑමේ අවදානමක් ඇතැයිද සෙනෙවිරත්න මහතා කීය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment