ගැරඬිඇල්ල මේජර් බිලිගනී

795

කුරුවිට හමුදා කඳවුරේ සේවය කරන මේජර්වරයකු ඇතුළු සිව් දෙනකු ඉකුත් පස් වෙනිදා සවස කුරුවිට වලඳුරේ පිහිටි ගැරඬිඇල්ලේ දිය නාමින් දිටියදී ක්ෂණිකව ගලා ආ ජලපහරට හසුවී හමුදා මේජර්වරයා අතුරුදහන් වී ඇති බව කුරුවිට පොලිසිය පවසයි. මෙසේ අතුරුදහන් වී ඇත්තේ කුරුවිට මිල්ලවිටිය ප‍්‍රදේශයේ පදිංචි ආර්. ඒ. එස්. ඒ. රණසිංහ (32) නමැති එක්දරු පියෙකි.

එදින ගැරඬිඇල්ල ඉහළ ප‍්‍රදේශයට අධික වර්ෂාවක් පතිත වී ඇති අතර එම දියපහර ක්‍ෂණිකව ගලා ඒම නිසා මියගිය අය ඇතුළු තවත් අයකු ජලපහරට හසුව ඇත. ඉන් එක් අයකු අත්තක එල්ලී දිවි බේරා ගෙන ඇති අතර අතුරුදහන් වූ අයගේ සිරුර 5 වැනිදා සවස් වනතුරු සොයාගෙන නැත. මෙම අතුරුදහන් වූ සිරුර සෙවීමට ප‍්‍රදේශවාසීන් සහ හමුදා සෙබලූන් විසින් දැඩි පරිශ‍්‍රමයක් දරමින් සිටී.

කිරිඇල්ල – ඞී. කේ. කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment