නොහික්මුණු පෙම්වතා කළ හදියෙන් පෙම්වතිය දැඩි සත්කාර ඒකකයේ දී මියගිහින්

1220

බදුල්ල රිදීපාන පිහිටි සරුංගල් කන්ද ප්‍රදේශයට තම පෙම්වතා සමගින් ත්‍රිරෝද රථයකින් ගොස් ස්ත්‍රී දූෂණයට ලක් වු දහසය හැවිරිදි තරුණියක් කම්පනයට පත්වී නිවසේ තිබූ බෙහෙත් පෙති වර්ගයක් පානය කිරීමෙන් අසාධ්‍ය තත්ත්වයට පත්ව බදුල්ල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී 05 දා රාත්‍රී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මේ සම්බන්ධ බදුල්ල සොරණාතොට මුරුතලාව පදිංචි 20 හැවිරිදි සැකකරු 06 වන දින ප.ව. 6.30 ට පමණ ට පමණ බදුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඊයේ (07 දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. බදුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටියි.

බදුල්ල – එච්. එම්. සමරකෝන් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment