භානුක ඇතුළත් නොකළ හේතු මට දන්වා තිබෙනවා – කී‍්‍රඩා ඇමැති පාර්ලිමේන්තුවේදී කියයි

617

කි‍්‍රකට් කී‍්‍රඩක භානුක රාජපක්‍ෂ ඉන්දියාවත් සමග පැවැත්වෙන 20-20 තරගාවලියට නම් නොකිරීම පිළිබඳ හේතු තමන් වෙත දන්වා ඇතැයි කී‍්‍රඩා ඇමැති නාමල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22දා) කීය.

විපක්‍ෂ මන්තී‍්‍ර සුජිත් සංජය පෙරේරා (සජබ) මහතා විසින් භානුක රාජපක්‍ෂ අදාළ සංචාරයට එක් නොකිරීම පිළිබඳව ප‍්‍රශ්න කිරීමේදී පිළිතුරු දෙමින් කී‍්‍රඩා ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී නාමල් රාජපක්‍ෂ මහතා මෙසේ ද කියා සිටියේය.

කි‍්‍රකට් කී‍්‍රඩාවේදී තේරීම් කමිටුවක් තිබෙනවා. ඒ වගේම කි‍්‍රකට් කමිටුවක් තිබෙනවා. මෙතෙක් කල් තේරීම් කමිටුවලට ඇඟිලි ගහලා, කි‍්‍රකට් පාලක මණ්ඩලයට ඕනෑ විදිහට කණ්ඩායම තෝරලා සහ වෙනත් හේතූන් මත කණ්ඩායම් තෝරලා තමයි අපේ කි‍්‍රකට් කී‍්‍රඩාව වැටුනේ.

භානුක රාජපක්‍ෂ කියන්නේ දක්‍ෂ කී‍්‍රඩකයෙක්. හොඳ අනාගතයක් තිබෙන කී‍්‍රඩකයෙක්, ඒ වගේම අපේ රට නියෝජනය කළ යුතු කී‍්‍රඩකයෙක්, නමුත් තේරීම් කමිටුව සහ පුහුණුකරුවන්ගේ නිර්දේශයන් මත තමයි මෙවර ඉන්දියන් සංචාරයට කණ්ඩායම තෝරලා තිබෙන්නේ.

ඒ අනුව තෝරා ගැනීමේ හේතු සම්බන්ධයෙන් මාවත් දැනුවත් කළා. කී‍්‍රඩකයකුගේ කාරණා පිළිබඳව අපි ප‍්‍රසිද්ධියේ කතා නොකළ යුතුයි. ඒ නිසා ඒ හේතු මම කියන්න යන්නේ නෑ.

නමුත් මේක ඔහුගේ ජීවිතයේ අවසන් අවස්ථාව නොවෙයි. තව ඕන තරම් වයස තිබෙනවා. හැකියාව තිබෙනවා. ඔහු හොඳ නැවත පැමිණීමක් කි‍්‍රකට්වලට දෙයි කියලා මම කියනවා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment