උ. පෙළ වෘත්තීය විෂය ධාරාවට සිසුන් ගැනීමට අයැදුම්පත් කැඳවයි

293

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා 12 වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ අයැදුම්පත් කැඳවීම ආරම්භ කර තිබේ.

වෘත්තීය විෂය ධාරාව ක්‍රියාත්මක කෙරෙන පාසල් 525 න් තෝරාගත් පාසල්වලට ඇතුළත්වීම සඳහා සිසුන්ට අයැදුම්පත් යොමුකළ හැකි අතර, මෙම විෂය ධාරාවට සිසුන් ඇතුළත් කර ගැනීමේදී සාමාන්‍ය පෙළ විභාගය සමත් අසමත් භාවය අදාළ නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව වෘත්තීය විෂය ධාරාව යටතේ 12 වන ශ්‍රේණියේ පාසල් අධ්‍යයන කටයුතු සම්පූර්ණ කර 13 වන ශ්‍රේණිය සඳහා වෘත්තීය විෂයන් කිහිපයක් යටතේ NVQ හතරවන මට්ටමේ වෘත්තීය පුහුණු පාඨමාලාවක් සම්පූර්ණ කිරීමට සිසුන්ට හැකි වේ.

ළමා මනෝ විiාව සහ ආරක්‍ෂණය, සෞඛ්‍ය හා සමාජ ආරක්‍ෂණය, ප්‍රාසාංගික කලාව, පාරිසරික අධ්‍යයනය, මෝටර් යාන්ත්‍රික තාක්‍ෂණය අධ්‍යයනය සහ විලාසිතා නිර්මාණය ඇතුළු විෂය ධාරා 26 ක් මෙම වෘත්තීය පුහුණු පාඨමාලාවට ඇතුළත් ය. 13 වසරක සහතික කරන ලද අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක කරන අතර, අදාළ අයැදුම්පත් ඇතුළුවීමට අපේක්‍ෂා කරන පාසලේ විදුහල්පතිවරයාට යොමුකරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලා සිටී.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment