ශ්‍රී ලාංකිකයකු ප්‍රංශයේදී ඝාතනය කරලා – සිරුර කසළ ගොඩකින් සොයා ගනී

165

යාපනයේ මල්ලාකම් ප්‍රදේශයේ පුද්ගලයකුව ප්‍රංශයේ හාම්පුතෙකු විසින් කපා කොටා ඝතනය කොට තිබියදී ඔහුගේ මළ සිරුර 26 දා ප්‍රංශයේ කසළ ගොඩක තිබී හමු වී තිබේ.

සිවසුබ්‍රමනියම් සබේසන් නැමති මෙම පුද්ගලයා මීට මාස කීපයකට ඉහතදී ප්‍රංශයේ සේවයට ගොස් ඇති අතර ඔහුට වැඩ කිරීමට වීසා බලපත්‍රයක් නොලැබුණු නිසා ප්‍රංශ ජාතික නිවසක සැඟවී සිට එම නිවසේ සේවය කොට තිබේ.

ඔහු යාපනයේ මල්ලාකම් ප්‍රදේශයේ වෙසෙන සිය බිරියට ඔහු සේවය කරන නිවසේ දුරකථන අංකය හා ලිපිනය ලබා දී ඇති අතර පසුගිය සතියේදී ඔහුට කතා කරන විට නිවසේ උදවිය බිරිඳට පවසා ඇත්තේ ඔහු දින කීපයක සිට අතුරුදන් වී සිටින බවයි.

බිරිඳ විසින් මේ බව ප්‍රංශයේ බලධාරීන්ට අභියාචනයක් මගින් ප්‍රකාශ කොට තම අතුරුදන් වූ සැමියා සොයා දෙන ලෙස ඉල්ලීමක් කොට තිබේ.

ඒ අනුව පරීක්ෂණ පැවැත් වූ ප්‍රංශයේ විලුපේ (Villeupe) ප්‍රාන්ත බලධාරීන් හා පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ ඔහුව ඝාතනය කොට ඇති බවයි.

යාපනයේ පුද්ගලයා සේවය කළ නිවසේ අනෙක් සේවකයන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හා සී.සී.ටී.වී. කැමරා පරීක්ෂා කිරීම්වලදී ඔහුව කපා කොටා ඝාතනය කරන අන්දම හෙළි වී තිබේ.

නිවෙස් හිමියා අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීම් වලදී ඔහුගේ සේවකයන් විසින් යාපනයේ පුද්ගලයාගේ මළ සිරුර කසළ ගොඩක දමා තිබියදී සොයා ගැනීමට හැකි වී තිබේ.

ප්‍රංශයේ විලුපේ (Villeupe) ප්‍රදේශයේ ප්‍රාන්ත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment