හේලීස් ඇග්‍රිකල්ච විසින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ප්‍රථම ”‍Agrotech”‍ රටකජු කරල් ඉවත් කිරීමේ යන්ත්‍රය වෙළඳපොළට හඳුන්වා දෙයි

96

මෙරට ප්‍රමුඛතම කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සැපයුම්කරු වන හේලීස් ඇග්‍රිකල්ච සමාගම (Hayleys Agriculture Holdings Limited), දේශීය ගොවි ප්‍රජාවගේ පහසුව සඳහාත්, ඔවුන්ගේ ඵලදායිතාව ඉහළ නැංවීම සඳහාත්, නවීන කෘෂි තාක්ෂණික විසඳුම් හඳුන්වාදීමේ පුරෝගාමියා බවට නම් දරා ඇත. හේලීස් ඇග්‍රිකල්ච සමාගම මෙම Agrotech රටකජු කරල් ඉවත් කිරීමේ යන්ත්‍රය පසුගියදා ප්‍රථම වරට දේශීය වෙළඳපොළට හඳුන්වා දෙන ලදී.

නවීන තාක්‍ෂණයේ සහය ඇතිව, උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය භාවිතා කිරීමෙන් හේලීස් ඇග්‍රිකල්ච සමාගමේ අනුබද්ධ ආයතනයක් වන ඇග්‍රෝ ටෙක්නිකා (්ටරද ඔැජයබසජ් ඛසපසඑැා) ආයතනය විසින් ශ්‍රී ලංකාවේ දී නිෂ්පාදනය කරන ලද මෙම Agrotech රටකජු කරල් ඉවත් කිරීමේ යන්ත්‍රය නෙළන ලද ශාකයෙන් රටකජු කරල් කාර්යක්ෂමව වෙන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment