CXO ඇකඩමිය, BCAS සමඟ සහයෝගීව, වර්තමාන සහ අනාගත විධායක නිලධාරීන් නිර්මාණය කිරීමට ආරම්භකරන ලද පාඨමාලාවන් සහිත CXO අධ්‍යයන ආයතනය ආරම්භ කිරීම නිවේදනය කිරීම පසුගියදා කොළඹදී සිදු කෙරිණි.

මෙම අද්විතීය විෂය මාලාව සැලසුම් කර ඇත්තේ නායකත්ව හැකියාවන් වැඩිදියුණු කිරීම, නවින තාක්ෂණයන් වැලඳගැනීමේ හැකියාව සංවර්ධනය කිරීම සහ “හෙට දිනන මග, අද ඔබ වෙනුවෙන් ” (Deliver today Build for tomorrow) මානසිකත්වය දියුණු කිරීමේ අරමුණ පෙරදැරිවය.

අනාගත විධායක තනතුරු දරන්නන් සඳහා වන මෙම වැඩසටහන බාධක ජය ගැනීමට අවශ්‍ය නම්‍යශීලී බව, ඵලදායී විසඳුම් සැලසුම් කිරීමට සහ Web 3’0″ AI, සහ IoT වැනි අනාගත තාක්ෂණයන් භාවිතා කිරීමට අවශ්‍ය කඩිසර බව ලබා දීම සඳහාම පෙළ ගස්වා ඇත. මෙම වැඩසටහන මඟින් මෙහෙයුම් විශිෂ්ටත්වය, ඩිජිටල් පරිවර්තනය සහ පාරිසරික, සමාජීය සහ පාලන (ESG) මූලධර්මවල උපාය මාර්ගික භාවිතයට ප්‍රමුඛත්වය දෙන ආයතනික සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය හැකියාව ලබා දෙයි. එය ඔවුන්ට නිර්භීතව නව අදහස් ක්‍රියාත්මක කිරීමට, තරඟකාරී අභියෝගවලට ප්‍රතිචාර දැක්වීමට, සමාගම් සංවර්ධනය සහ තරඟකාරී වාසි සඳහා ක්‍රියාකාරී ව්‍යාපෘති මෙහෙයවීමට හැකියාව ලබා දෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment