ඩිජිටල් හැඳුනුම්පත ජනවාරියේ

103

ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට අදාළ මූලික මට්ටමේ කරුණු ලබන ජනවාරියේ සිට ආරම්භ කිරීමට ඉන්දීය හා ශ්‍රී ලංකා රාජ්‍යයන් අතර එකඟතාවය පළවී තිබේ.

එලෙස එකඟතාවය පළව ඇත්තේ ඉන්දීය රජයේ නියෝජිතයන් හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක මහතා අතර ඉකුත් සතියේ පැවැති සාකච්ඡාවකදීය.

රුපියල් බිලියන හතරක ඉන්දීය ප්‍රදානයක් ලෙස නිකුත් කෙරෙන මෙම හැඳුනුම්පතට පුද්ගලයාගේ ජෛව තොරතුරු වන ඇසේ කළු ඉංගිරියාව, ඇඟිලි සලකුණු සහ ලේ වර්ගය පිළිබඳ දත්ත ද ඇතුළත් කිරීමට නියමිතය.

මීට ඉහත ඩිජිටල් හැඳුනුම්පත ඉල්ලුම් කරද්දී ජීව දත්ත තොරතුරු 76ක් ඉල්ලා තිබුණද නව ඩිජිටල් හැඳුනුම්පත ලබා ගැනීම සඳහා අවශ්‍ය කරනුයේ ජීව දත්ත තොරතුරු හයක් පමණකි.

ඒ අනුව අලුතින් ඩිජිටල් හැඳුනුම් පතක් ඉල්ලුම් කරද්දී නම, ලිපිනය, උපන්දිනය, ස්ත්‍රී පුරුෂ භාවය, දුරකථන අංකය මෙන්ම ඊමේල් ලිපිනයක් ද ලබාදිය යුතුව ඇත.

අලුතින්ම හැඳුනුම්පතට ඉල්ලුම් කරන්නන් හට මෙම නව ඩිජිටල් හැඳුනුම්පත ලබාදී ඉන් පසුව ක්‍රමක්‍රමයෙන් සමස්ත ප්‍රජාවටම ඩිජිටල් හැඳුනුම් පත ලබාදීම රජයේ අරමුණ වී තිබේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment