මහජන බැංකුවේ YouTube නාලිකාව ග්‍රාහකයින් 50,000 පසු කරයි

44

ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයක් විසින් සිය YouTube චැනලයක් සඳහා මෙතෙක් වාර්තා කළ වැඩිම ග්‍රාහකයින් සංඛ්‍යාව වාර්තා කරමින්, මහජන බැංකුවේ නිල YouTube චැනලය ග්‍රාහකයින් (Subscribers) 50,000 සීමාව පසුකරන ලදි.

මහජන බැංකුව මෙරට ඩිජිටල් බැංකුකරණයේද ප්‍රමුඛයා වන අතර, එහි YouTube චැනලය මෙන්ම Facebook, Instagram, TikToK වැනි ඇතුළු සමාජ මාධ්‍ය ගිණුම් වටාද මේ වන විට අති විශාල ග්‍රාහකයින් පිරිසක් ඒකරාශි වි තිබීම විශේෂත්වයකි.

මෙම YouTube නාලිකාව මහජන බැංකුවේ ප්‍රවෘත්ති සහ ක්‍රියාකාරකම් ජනතාව වෙත මනාව සන්නිවේදනය කරන අතර, ඔවුන්ගේ මූල්‍ය සාක්ෂරතාව ද වැඩි දියුණු කරයි. මෙලෙස ඵලදායි අයුරින් සමාජ මාධ්‍ය අවකාශයන් භාවිත කරමින්, බැංකුව අනුගමනය කරන උපාය මාර්ගික ක්‍රමවේද තුළින් සිය ගනුදෙනුකරුවන් හා පවත්වන සම්බන්ධතාවය මෙන්ම වෙනස්වන සන්නිවේදන ක්‍රමවේදයන්ට සාර්ථකව අනුගත විමට මහජන බැංකුව ඇති හැකියාවද මනාව පිළිඹිබු වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment