කොමර්ෂල් බැංකුවෙන් අනුරාධපුරයේ VTA සිසුන් සඳහා ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනක්

40

අනුරාධපුරයේ විවිධ වෘත්තීය පුහුණු පාඨමාලා හදාරන සිසුන් 125 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක්, පසුගියදා කොමර්ෂල් බැංකුව විසින් ක්‍රියාත්මක කරන ලද ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනකින් ප්‍රතිලාභ ලැබීය.

එය එම බැංකුවේ ‘දිරිශක්ති ව්‍යවසායකත්ව සංවර්ධන මුල්පිරීම්’ ව්‍යාපෘතිය යටතේ සිදු කරන ලද වැඩසටහනකි.

කොමර්ෂල් බැංකුව මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබුවේ අනුරාධපුරයේ වෘත්තීය පුහුණු අධිකාරිය සමග එකට එක්වය. එම ආයතනයේ පාඨමාලා හදාරන සිසුන්ට මූල්‍ය සාක්‍ෂරතාවය සහ ව්‍යාපාර සංවර්ධනය පිළිබඳ දැනුම ලබා දීම මෙහි පරමාර්ථය විය. වායු සමීකරණ අලුත්වැඩියාව, බේකරි ශිල්පය, රූපලාවන්‍ය ශිල්පය, පරිගණක දෘඪාංගකරණය, විදුලි ඉන්ජිනේරු විද්‍යාව, පාවහන් නිර්මාණය, භූමි අලංකරණය, මෝටර් කාර්මික විද්‍යාව සහ තවත් අනෙකුත් විෂයන්ද හදාරනු ලබන සිසුන් මෙම වැඩසටහනට ඇතුළත්ය.

කොමර්ෂල් බැංකුවේ උතුරු මැද පළාත බාර ප්‍රාදේශීය කළමනාකාර මයිකල් ද සිල්වා, නොච්චියාගම ශාඛා කළමනාකාර වෙනුර ධනපාල සහ වෘත්තීය පුහුණු අධිකාරියේ වැඩසටහන් නිලධාරී චමින්ද ප්‍රියංකර විජයදාස යන මහත්වරුන් සහ කොමර්ෂල් බැංකුවේ තවත් නිලධාරීන්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment