සීනි බදු අඩු කිරීමේ වාර්තාව පාර්ලිමේන්තුවට

181

2020 වසරේ දී සිදු කළ ආන්දෝලනාත්මක සීනි බදු අඩු කිරීම සම්බන්ධ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් සකස් කළ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.එම වාර්තාව ලබන සතියේ තමාට ලැබීමට නියමිත බව ද සදහන් කළේය. කිලෝවකට රුපියල් 50ක්ව තිබූ සීනි බද්ද ශත 25 දක්වා අඩු කිරීම මගින් රජයට රුපියල් කෝටි 1,670ක ආදායමක් අහිමිවී ඇතැයි මෙම වාර්තාව මගින් හෙළි කර ඇතැයි ද අමාත්‍යවරයා පවසයි.මෙම වාර්තාවේ අඩු කළ බදු මුදල් හිමිවූ ව්‍යාපාරිකයින්ගේ නම් වෙන වෙනම සදහන්ව ඇතැයි ද සඳහන් කළ අමාත්‍යවරයා රජයට අහිමි වූ එම මුදල් ලබා ගතයුතු බවට නිර්දේශ කර තිබෙන බව ද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment