පියා කළ පැමිණිල්ලට බිරිඳ පොලිසියට යද්දී මඟ රැක සිටි සැමියා පිහියෙන් ඇනලා

95

සැකකරු අල්ලන්න පොලිස් පරීක්‍ෂණ

වැල්ලවාය පොලිස් වසමට අයත් මැදගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින් වැල්ලවාය පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව ඉකුත් 12 වෙනිදා පැමිණිල්ල විභාග කිරීම සඳහා පොලිසියට යන අවස්ථාවේදී ඒ අසල පිහිටි තේ කඩයක සිට පැමිණි සැමියා බිරිඳගේ පපුවට පිහියකින් ඇන ඇතැයි වැල්ලවාය පොලිසිය පවසයි.

දින තුනකට පමණ ඉහතදී බිරිඳ සැමියා සමඟ ආරවුලක් ඇතිකරගෙන නිවසෙන් පිටව ගොස් ඇත.

ඒ පිළිබඳව පොලිසියට බිරිඳගේ පියා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව දෙපාර්ශ්වයටම පොලිසියට පැමිණෙන ලෙස දැනුම්දී තිබේ. ඒ අනුව පැමිණි බිරිඳ පොලිසිය අසල තේ කඩයක සිටියදී පැමිණ ඇති ස්වාමිපුරුෂයා ඇය සමඟ බහින්බස් වී ඔහු ළඟ තිබූ පිහියකින් ඇයගේ පපුව ප්‍රදේශයට ඇන ඇත.

සිද්ධියෙන් තුවාල ලැබූ කාන්තාව වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර තිබේ. වැල්ලවාය පොලිස් ස්ථානාධිපති ටී. එම්. කරුණාතිලක මහතාගේ උපදෙස් පිට සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment