ෆේස්බුක් එකෙන් ළැම පෙන්වූ පොලිස් කතගේ වැඩ තහනම්

5991

සිය ළැම ප්‍රදේශය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මීගමුව පළාතේ පොලිස් කාර්යාලයක සේවය කරන පොලිස් කාන්තාවකගේ සේවය තහනම් කර ඇත.

එම අවස්ථාවේ එම පොලිස් කාන්තාව නිල ඇඳුමෙන් සැරසී සිටි බව ද ඇයව මෙසේ වීඩියෝ කර ඇත්තේ වෙනත් පොලිස් ස්ථානයක සේවය කරන පොලිස් කොස්තාපල්වරයකු විසින් බව ද පැවසේ.

වැඩතහනමට ලක්වූ පොලිස් කාන්තාව පවසා ඇත්තේ මෙම කොස්තාපල්වරයා ඇගේ හිටපු පෙම්වතා බවත් දැන් තමන් දෙදෙනා අතර එවැනි සම්බන්ධයක් නැති බවත් ය.

මෙම කොස්තාපල්වරයා සම්බන්ධයෙන් ද විමර්ශනයක් සිදුකරන බව පොලිසිය කියයි.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment