ලෝක මිහිතල දිනය අදයි

71

ලෝක මිහිතල දිනය (World Earth Day) අදට යෙදී තිබේ.‘ප්ලාස්ටික් සහ ලෝකය’ (Planet Vs, Plastic) යන්න මෙවර එහි තේමාව වේ.

2040 වන විට ප්ලාස්ටික් භාවිතය සියයට 60 කින් අඩුකිරීම අරමුණු කරමින් මෙවර මිහිතල දිනය සැමරෙන අතර ඇමෙරිකාව ඇතුළු ලෝ පුරා රටවල් 196 කට වැඩි ප්‍රමාණයකදී මිහිතල දිනය සැමරේ.

ප්‍රථම මිහිතල දිනය 1970 අප්‍රේල් මස 22 වැනිදා ප්‍රකාශයට පත්කරන ලද්දේ එදින ඇමෙරිකාවේ පවත්වන්නට යෙදුණු ප්‍රථම මිහිතල සමුළුවට සමගාමීවය.

ඇමෙරිකාවේ පරිසර විනාශයට එරෙහිව හිටපු සෙනෙට් සභික ගේ ලෝඩ් නෙල්සන් සහ සරසවි ශිෂ්‍ය ඩෙනිස් හේස් විසින් දහස් ගණන් ජනතාව පාරට බස්සවා සිදුකරන ලද ශ්‍රමදාන, පෝස්ටර් ව්‍යාපාර ඇතුළු සාමකාමී පරිසර ජන අරගලයක ප්‍රතිපලයක් ලෙස මෙසේ ප්‍රථම මිහිතල සමුළුව සහ ප්‍රථම මිහිතල දිනය ආරම්භ වූ අතර, අනතුරුව එම මිහිතල සමුළුව මේ වන විට රාජ්‍ය නායක පාර්ශ්වකරුවන්ගේ දේශගුණික සමුළුව දක්වා විකසනය වී ඇත.

ලෝකයට තර්ජනයක් වී ඇති ප්ලාස්ටික් දූෂණය අවම කිරීම සඳහා මේ අනුව ලෝකය වර්තමානයේ කථිකාවතක් ආරම්භ කර ඇති අතර ‘දේශගුණික විපර්යාසය’ නම් ජනප්‍රිය මාතෘකාව අභිබවා ප්ලාස්ටික් දූෂණය වර්තමානයේ ලොව අංක එකේ පාරිසරික අර්බුදය බවට පත්ව තිබේ.

ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment