වන්දනාකරුවන්ට ව්‍යාජ මත්පැන් අලෙවි කළ සැකකරු අත්අඩංගුවට

325

තිස්සමහාරාමයට වන්දනාවේ පැමිණෙන බැතිමතුන් සඳහා හොර රහසේ ව්‍යාජ මත්පැන් අලෙවි කරමින් සිටි සැකකරුවකු තිස්සමහාරාම පොලිසිය විසින් ඊයේ (09 වැනිදා) අත්අඩංගුවට ගත්බව තිස්සමහාරාම පොලිසිය සඳහන් කළේය.

තිස්ස වැව් බැම්මේ මත්පැන් අලෙවි කරමින් සිටියදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර

සැකකරුගේ නිවෙස පරීක්ෂා කිරීමේදී කාලේ මත්පැන් බෝතල් 530 ක් සොයාගැනීමට හැකිවූ බව පොලිසිය කියයි. සැකකරු යටාල පුදබිම ආසන්නයේ

පදිංචිකරුවකු බවත්, එලෙස අත්අඩංගුවට ගත් මත්පැන් සංස්ථා මත්පැන් ලෙස ඇසුරුම් කරන ලද ව්‍යාජ මත්පැන් බව ද පොලිසිය සඳහන් කළේය. සැකකරු තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

තිස්සමහාරාම – අමිල සම්පත් ශ්‍රී

advertistmentadvertistment
advertistmentadvertistment