වැල්ලම්පිටියේ ආයුධ ගබඩාවක්

181


වැල්ලම්පිටිය, කොටුවිල ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය තියුණු ආයුධ ගබඩාවක් වටලා පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එහි තිබී කඩු, කිනිසි, මන්නා පිහි පොලිස් භාරයට ගෙන ඇති අතර පොලිස් විශේෂ කාර්ය බළකා දිවා යතුරුපැදි සංචාරක රාජකාරි නිලධාරීන්ට ලද තොරතුරක් අනුව එම වැටලීම සිදුකර තිබේ.
අදාළ සැකකරුවන් වයස අවුරුදු 20 සහ 27 අතර පසුවන දම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment