ටෙන්ට් රෙද්දක් නිසා කළුතර උණුසුම්වේ

1463


කළුතර නගර මධ්‍යයේ අද දහවල් ජනඅරගල ව්‍යාපාරයේ විරෝධතා කරුවන් පිරිසක් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.

ජීවන බර බදු මිල විදුලි බිල ත්‍රස්තපනත සහ විරෝධතා කරුවන් අත්අඩංගුවට ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ජන අරගල ව්‍යාපාරය ප්‍රධාන බස් නැවතුම්පළ ඉදිරිපිට මෙම විරෝධතාව පවත්වන ලදි .

දැඩි අව් රශ්මිය මධ්‍යයේ විරෝධතාවය පවත්වන අතරතුර විරෝධතා කරුවන් කිහිප දෙනෙකු විරෝධතා පුවරු අතැතිව බිම වාඩි වූ අතර ඔවුන්ගේ ආධාරකරුවන් දෙදෙනෙකු විරෝධතාකරුවන් වෙනුවෙන් ටෙන්ට් රෙද්දක් රැගෙන එන ලදී.

එසේ රැගෙන ආ ටෙන්ට් රෙද්ද පොලිස් භාරයට ගැනීමට යාමේදී විරෝධතාකරුවන් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.

පොලිස් නිලධාරීන් විශාල පිරිසක් එක්ව ටෙන්ට් රෙද්ද රැගෙන ආ පුද්ගලයින් සහ ඒ සඳහා සහාය දැක්වූ අය සමග ඇතිවූ උණුසුම් තත්ත්වයකින් පසු ටෙන්ට් රෙද්ද සහ සිව්දෙනෙකු කළුතර දකුණ පොලිසියට රැගෙන යනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment