පෙට්ටි පහක් ගෙනල්ලා මට වේදනා විඳින්න බෑ – කැනඩාවේදී ඝාතනය වූ දර්ශනීගේ මව කියයි

1194

කැනඩාවේ, ඔටාවාහි දී ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකික එකම පවුලේ සාමාජිකයින් පස් දෙනා ඇතුළු හය දෙනාගේ අවසන් කටයුතු කැනඩාවේ දී සිදු කිරීමට නියමිතය.

එම සිදුවීමේ දී තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටින 34 හැවිරිදි ධනුෂ්ක වික්‍රමසිංහගේ පියා සහ සහෝදරයා අවසන් කටයුතු සිදු කෙරෙන අවස්ථාවට එරට බලා පිටත් වීමට නියමිතය. කෙසේ නමුත් අවසන් කටයුතු සිදු කෙරෙන දිනයක් මේ දක්වා වාර්තා නොවේ.

“මට පෙට්ටි පහක් ගෙනල්ලා මෙතන තියාගෙන වේදනා විඳින්න අමාරුයි. මිනී ගේන්නේ නෑ. සියලුම කටයුතු එහේ. පන්සලේ හාමුදුරුවෝ අවශ්‍ය කරන සියලු දේවල් කරනවා. හස්බන්ඩ්ගේ පැත්තේ අප්පච්චියි, මල්ලියි යනවා.” යනුවෙන් මියගිය දර්ශනී දිලන්තිකාගේ මව වූ ජයන්ති ඒකනායක බීබීසී සිංහල සේවයට පවසා තිබිණි. මේ අතර තුවාල ලබා සිටින ධනුෂ්ක වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ සිටින පවුලේ ඥාතීන් සමග කතා කර තිබේ.

පසුගිය 06 වැනිදා තම සේවය නිම කොට නිවසට පැමිණි තමන් දුටුවේ තම බිරිඳ සහ කුඩා දරුවන් හතර දෙනා මරා දමා ඇති බව යැයි කැනඩාවේදී සිය පවුල සමූහ වශයෙන් ඝාතනය කිරීමේ සිද්ධියෙන් දිවි ගලවා ගත් එකම පුද්ගලයා වන එම පවුලේ පියා වන ධනුෂ්ක වික්‍රමසිංහ පවසා තිබේ.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment