සමස්ත ලංකා පාසල් චෙස් තරගාවලිය අද සහ හෙට

59

ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය සංවිධානය කරනු ලබන වයස් කාණ්ඩ බාලක, බාලිකා සමස්ත ලංකා පාසල් චෙස් තරගාවලිය අද (26 දා) සහ හෙට (27දා) දෙදින කෑගල්ල ජේ. එම්. සී. ජාත්‍යන්තර පාසලේදී පැවැත්වේ.

තරගාවලිය වයස 9න් පහළ, 11න් පහළ, 13න් පහළ, 15න් පහළ හා 17න් පහළ බාලක, බාලිකා ලෙස පැවැත්වේ.

තරගාවලිය තරග වට හයකින් සමන්විතය. මේ තරග වට හයෙන් ලබා ගන්නා ලකුණු අනුපිළිවෙළ මත තරගාවලියේ ශූරතාව, අනුශූරතාව සහ තෙවැනි යන ස්ථාන තෝරාගනු ලබයි.

තරගාවලිය සඳහා සහභාගී වන සෑම ක්‍රීඩක, ක්‍රීඩිකාවක්ම පාසල් නිල ඇඳුමෙන් සහභාගිවීම අනිවාර්ය බවත් චෙස් පුවරු රැගෙන ආ යුතු බවත් ශ්‍රී ලංකා චෙස් සංගමය කියයි.

මේ තරගාවලියෙන් තෝරාගනු ලබන පාසල් චෙස් ක්‍රීඩක, ක්‍රීඩිකාව අප්‍රේල් මස 30 සිට මැයි 10 දක්වා පේරුහි පැවැත්වෙන ලෝක පාසල් චෙස් තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගනු ඇති බව ද එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment