කඳුරට සුලෝහිත සංග්‍රාමයේ ජය ධර්මරාජ විදුහලට

110

මහනුවර කිංග්ස්වුඩ් විදුහලට එරෙහිව ඉනිමක සහ ලකුණු 69 ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කර ගනිමින් 117 වැනි “සුලෝහිත සංග්‍රාමය” වෙනුවෙන් පිරිනැමෙන “ටී.බී. තෙන්නකෝන් කුසලාන” තමන් සතු කර ගැනීමට ධර්මරාජ විදුහල සමත් විය.

මෙම ජයග්‍රහණයත් සමගින් “සුලෝහිත සංග්‍රාමය” ජය ගත් 36 වැනි වර්ෂය ධර්මරාජ විදුහල ඉදිරියේ සටහන් විය.

දක්ෂික මනුකල්පගේ විශ්මිත පන්දු යැවීම හමුවේ අසරණ වූ කිංග්ස්වුඩ් විදුහල පරාජයෙන් ගැලවීමට ගත් සියලු උත්සාහයන් අසාර්ථක වීම මෙවර විශේෂත්වයක් ගත්තේය.

ඉසුරු පන්නල, ඔනජිත් සිල්වා සහ පුලිඳු පෙරේරා පිත්තෙන් ප්‍රදර්ශනය කළ දක්ෂතාව මෙන්ම පන්දු යැවීමේදී සේසත් තිලකරත්න, ශේෂාන් මාරසිංහ, නිසල අබේරත්න ද දස්කම් දැක්වූහ. කිංග්ස්වුඩ් දෙවන ඉනිම මුළුමනින්ම තමන්ගේ පාලනයට ගත් දක්ෂික මනුකල්ප ලකුණු 30 කට කඩුළු 08 ක් බිඳ හෙළමින් කාගෙත් අවධානය දිනා ගත්තේය.

ධර්මරාජ විදුහල තම පළමු ඉනිම වෙනුවෙන් කඩුළු 02 කට ලකුණු 325 ක් රැස් කර කිංග්ස්වුඩ් පිලට තම පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 128 ක් පමණි. දෙවන ඉනිමේදී ද අසාර්ථක වූ කිංග්ස්වුඩ් පිලට රැස් කර ගත හැකි වූයේ සියල්ල දැවී ලකුණු 78 ක් වූ අතර ඒ අනුව ඉනිමක සහ ලකුණු 69 ක පරාජයක් ලැබීමට කිංග්ස්වුඩ් විදුහලට සිදු විය.

ලකුණු සාරාංශය

ධර්මරාජ විදුහල පළමු ඉනිම කඬුළු 02 කට ලකුණු 325.

ඉසුරු පන්නල 105, ඔනජිත් සිල්වා 103, පුලිඳු පෙරේරා 92,

කිංග්ස්වුඩ් විදුහල පළමු ඉනිම සියල්ල දැවී ලකුණු 178

කවීජ ගමගේ 67

සේසත් තිලකරත්න 34/04, ශේෂාන් මාරසිංහ 31/03,

නිසල අබේරත්න 34/02

කිංග්ස්වුඩ් විදුහල දෙවැනි ඉනිම සියල්ල දැවී ලකුණු 78

දක්ෂිණ මනුකල්ප 30/08, සේසත් තිලකරත්න 04/01, පුලිඳු පෙරේරා 32/01
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment