ආණ්ඩුවට නම්බු පිට යන්න සතියක් දෙන්නම්-ගම්මන්පිළ

649

ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය විසින් ගෙන ඒමට නියමිත විශ්වාෂභංගය සඳහා මන්තී‍්‍ර අත්සන් 120ක් මේ වන විට පවතින බවත් එබැවින් ආණ්ඩුවට ඉල්ලා අස්වීමට සතියක කාළයක් ලබා දෙන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිළ මහතා කියයි.
එලෙස සතියක කාළයකින් ආණ්ඩුව ඉල්ලා අස්වී ගෙදර නොයන්නේ නම් මීලග පාර්ලිමේන්තු සතියේදී ආණ්ඩුවට එරෙහි විශ්වාෂභංගය කතානායකවරයා වෙත භාර දෙන බව හෙතෙම අද කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී කීය.
මෙම විශ්ාෂභංග යෝජනාවට අදාල සරල කෙටුම්පතක් සකස් කිරීමට සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය සමග සාකච්ඡුා කල බවත් මේ වන විට ඊට සහාය දැක්වීමට මන්තී‍්‍රවරුන් 120 ක් පමණ සිටින බවද ඔහු කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment