කමිටු වාර්තාව අද ජනපතිට

92

ගෑස් සිලින්ඩර් ආශ‍්‍රිත ගිනිගැනීම් හෝ පුපුරා යෑම් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපතිවරයා පත්කළ කමිටුවේ වාර්තාව අද (20 දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදීමට නියමිතය.

පසුගිය නොවැම්බර් 30 වැනිදා ජනාධිපතිවරයා විසින් මෙම කමිටුව පත්කරනු ලැබුවේ ගෘහස්ථ වෙළෙඳ හා විකුණුම් මධ්‍යස්ථාන ආශ‍්‍රිත ගෑස් සිලින්ඩර් ගිනි ගැනීම්, ඒ ආශ‍්‍රිත පිපිරීම් හා ඒ සඳහා හේතු සාධක සොයා බලා කඩිනමින් ගත හැකි විසඳුම් ඉදිරිපත් කිරීම සඳහාය.

මෙම කමිටුව විසින් පසුගිය 11 වැනිදා සාක්ෂි ලබා ගැනීම අවසන් කළ අතර ඒ සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව ජනාධිපතිවරයාට භාරදීමට කටයුතු කරන බව කමිටු සාමාජික මහාචාර්ය ඩබ්ලිව්. ඞී. ඩබ්ලිව්. ජයතිලක මහතා පැවසීය.

මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පලගේ මහතා මෙහි සභාපතිත්වය දරන අතර බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අජිත්ද අල්විස්, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩබ්ලිව්. ඞී. ඩබ්ලිව්. ජයතිලක යන මහත්වරු මෙහි සාමාජිකයෝ වෙති.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment