යන්තම් හරි ගොඩ යන්න නම් සති දෙකක් රට වැසිය යුතුයි… වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන

677

කොවිඞ් ව්‍යසනයේ දරුණුතම තත්ත්වයකට වැටී ඇති රට යම්තාක් දුරකට හෝ ඉන් මුදා ගැනීමට නම් අවම වශයෙන් සති දෙකක් රට වසා දැමීමට ආණ්ඩුව පියවර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ‘දිවයින’ට ඊයේ (06 දා* පැවසීය.

 කොවිඞ් හමුවේ කළ යුතුව තිබූ බොහෝ දේ නිසි කලට ඉටු කිරීමට රජය අපොහොසත් වීම නිසා අද ඉතා භයානක තත්ත්වයක් උදා වී ඇතැයි ද කී වෛද්‍යවරයා සිය සංසදය ඇතිවන තත්ත්වය පිළිබඳව මුල සිටම කළ අනතුරු ඇඟවීම් නොසලකා හැරීම නිසා දැනට පවතින තත්ත්වයට රට වැටී ඇතැයි ද සඳහන් කළේය.

 කොවිඞ් වැනි සමාජ ව්‍යසනයක් හමුවේ රට වසා දැමීමෙන් ආර්ථික අපහසුතා ඇතිවන බවට රජය ඇතුළු නොයෙක් දෙනා පැවසුවත් අවම වශයෙන් සති දෙකකට හෝ රට වසා නොදමන්නේ නම් ඇති වන ආර්ථික හානිය රට වසා දැමීමෙන් ඇති වන තත්ත්වයට වඩා ප‍්‍රබල වනු ඇතැයි ද වෛද්‍ය බෙල්ලන මහතා පැවසීය.

 සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment