රාගම කුඩම්මා අත්අඩංගුවට

864


සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ රාගම කුරුකුලාව ප්‍රදේශයේ කාන්තාවක් ගැහැනු ළමයෙකුට අමානුෂික ලෙස පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවට අදාල කාන්තාව රාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ගැහැණු ළමයා රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර ඇය මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබයි.

පොලීසිය පැවසුවේ 17 හැවිරිදි වියේ පසුවන ළමයාගේ මව මියගොස් ඇති අතර කුඩම්මා විසින් ඇයට මෙලෙස පහර දෙන බවය.

අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ළමයා ඉදිරිපත් කර අධිකරණ නියෝගයක් ලබාගැනීමෙන් පසු පහරදෙන කාන්තාව සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිසිය පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment