ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ ඉහළම පාරිභෝගික ආකර්ෂණයක් හිමි කරගත් ළදරු සන්නාමය වන බේබි ෂෙරමි දරුවන් වෙනුවෙන් වඩාත් සුරක්ෂිත ලෝකයක් නිර්මාණය කිරීමේ මෙහෙවරෙහි ඉදිරියෙන් සිටියි. මෙම අඛණ්ඩ මෙහෙවරෙහි තවත් එක් පියවරක් ඔස්සේ ඉදිරියට යමින් ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යයතනය හා බේබි ෂෙරමි එක්ව අපේ රටේ දරුවන්ට සුරක්ෂිත ලොවක් තැනීම වෙනුවෙන් ළමා කටයුතු හා සමාජ සවි බලගැන්වීම් අමාත්‍යංශය යටතේ ඇති මුල් ළමාවිය සංවර්ධන ලේකම් කාර්යාලයේ නිළධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා සෙත්සිරිපාය නාගරික සංවර්ධන අධිකාරී ශ්‍රවනාගාරයේ දී පැවත්වීය.

බේබි ෂෙරමි සහ ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය එක්ව නිවෙස් තුළදී දරුවන්ට සිදුවන අනතුරු වළක්වා ගැනීම පිළිබඳව එළි දැක්වූ මාර්ගෝපදේශ කෘතිය ඔවුනට හඳුන්වාදීම එහි දී සිදු විය. දරුවන්ට සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා හොඳම පිළිවෙත් පිළිබඳව දෙමාපියන් දැනුවත් කිරීම සහ නිවස තුළ දරුවාට ආරක්ෂාකාරී ළමා මිතුරු පරිසරයක් නිර්මාණය කිරීම තුළින් දරුවන් අනතුරුවලින් වළක්වා ගැනීම අරමුණු කර ගනිමින් ”‍පුංචි පැටියාට සුරක්ෂිතම නිවහනක්”‍ යන මාපිය මාර්ගෝපදේශ කෘතිය ළමා රෝග පිළිබඳව මහාචාර්ය මනෝරි ගමගේ සහ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කල්‍යාණි ගුරුගේ විසින් රචනා කර ඇත. ජාතික ළමා ලේකම් කාර්යාලය – කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යංශයේ අනුමැතියද හිමි මෙම කෘතිය, ළමා මනසට ගැළපෙන සිත් ඇදගන්නා භාෂාවකින් රචනා කර ඇති අතර ඉතා වැදගත් කරුණු රැසක් මෙන්ම කවි සහ චිත්‍ර ආදී රසවත් බොහෝ දේ අන්තර්ගත වේ.

advertistmentadvertistment
advertistmentadvertistment