සුමති ටෙලි සම්මාන උළෙල 2023 – හොඳම ඒකාංගික ටෙලි නාට්‍යයෙහි තිර රචනාව කළ රොෂාන් රත්නප්පුලි

54

පසුගිය දා නිමාවට පත් වූ 29 වන සුමති සම්මාන උළෙලේ 2023 වසරේ හොඳම ඒකාංගික ටෙලි නාට්‍යය ලෙස සම්මාන ලැබූ “ගිරි කුළකි නුඔ මට” ටෙලි නාට්‍යය රචනා කළ රොෂාන් රත්නප්පුලි නම් ඔහු විවිධ කුසලතාවයන්ගෙන් පිරි දක්ෂ තිර පිටපත් රචකයෙකි.

මේ වනවිට රොෂාන් රචනා කරන ලද ටෙලි නාට්‍ය රැසක් ලාංකීය ප්‍රේක්ෂකයන්ගේ හදවත්වල නොමැකෙන මතකයන් ඉතිරි කරමින් විකාශය වී ඇති බව සැබෑය. ඒ සියලු නිර්මාණ තුළින් දූෂිත සමාජයේ අසාධාරණයට ලක් වූ මිනිසුන් මෙන්ම මහ පොළොවේ දුක” වේදනාව අතරින් ජිවිතය ජය ගැනීමට ප්‍රයත්න දරන ඉහළ” පහළ සෑම සමාජ ස්ථරයකටම රොෂාන් ස්වකීය නිර්මාණ වියරණය හරහා කරන ආමන්ත්‍රණය හරිම අපූරුය. ඔහුගේ මෙම යථාර්ථවාදී ලේඛනය සෑම අතින්ම පරිපූර්ණ වන්නේ එතුළින් ඔහු මිනිස් ජීවිතවල ඇතුළාන්තයට එබී බලන නිසාය. හුදු ෆැන්ටසිවලට එහා යමින් විටෙක රොෂාන් ඔහුගේ තිර රචනා තුළින් සමාජයේ නොදකින” නොපෙනෙන සැබෑ නිරුවත කතිකාවට භාජනය කරන්නේ ලියන්නට” සිතන්නට බොහෝ දේ ඉතිරි කරමිනි. එලෙසින් 2023 වසරේ විකාශනය වූ හොඳම ඒකාංගික ටෙලිනාට්‍ය ලෙස සුමති සම්මානයෙන් පිදුම් ලැබූ “ගිරි කුළකි නුඔ මට” ටෙලි නාට්‍යය ද පුරුෂාධිපත්‍යට යටත්ව සමාජ අසාධාරණයට ලක් වන කාන්තාව මෙන්ම දියණියක පිය සෙනෙහස වෙනුවෙන් කරන අසීමිත මානුෂීය කැපකිරීමත් ඉහළ ධනවාදයෙන් පහළ පීඩිත සමාජ ස්ථරය බලලෝභීව මූල්‍ය ණය උගුලේ සිර කරගෙන සිටිනා අයුරුත් ඉතාමත් සංවේදීව රූප රචනා කරමින් මහ පොළොවේ සැබෑ යථාර්ථය ස්වකීය නිර්මාණ කාර්යය හරහා සමාජය තුළ ඉස්මතු තරන්නට යළි යළිත් රොෂාන් ගෙන ඇති වෙහෙස ඉතා සාර්ථක වී ඇති බව මෙම ඇගයුම්වලින් මනාව පසක් වෙයි.

මේ වනවිටත් “හිරිකඩ” නමින් හරවත් සාර්ථක ස්වතන්ත්‍ර නව කථාවක් රචනා කර ඇති රොෂාන් රත්නප්පුලි ලාංකීය ප්‍රේක්ෂකාගාරය මෙන්ම පාඨක ආදරය ද නොමදව හිමි කරගෙන ඇත්තේ ඔහු යථාර්ථවාදී ලේඛන රටාව තුළින් සම්ප්‍රදාය අතික්‍රමණය කරමින් නොබියව සමාජයේ සැබෑ ප්‍රශ්න සිය නිර්මාණ හරහා කතිකාවට භාජනය කරන නිසාය. තිර පිටපත් රචකයෙක්” නවකතාකරුවෙක්” ගී පද රචකයෙක් මෙන්ම දක්ෂ ඡායාරූප ශිල්පියෙක් වන රොෂාන් විටෙක ගායන සහ නිරූපන ශිල්පියෙකි. මේ වනවිටත් ගීත කිහිපයක් එළිදක්වා ඇති අතර ස්වකීය හැකියාවන් හරි හැටි හඳුනා ගනිමින් එකම ක්ෂේත්‍රයකට සීමා නොවී විවිධ පැතිකඩ ඔස්සේ ලාංකීය ප්‍රේක්ෂක සහ පාඨක ආදරය නොමඳව ලබමින් කලාවේ සාර්ථක ගමනක නිරත වන රොෂාන් රත්නප්පුලි ශ්‍රී ලංකා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය සහ වීඩියෝකරණය පිළිබඳ ජාතික ඩිප්ලෝමාධාරියෙක් වන බව ද සිහිපත් කළ යුතුය.

රංග

advertistmentadvertistment
advertistmentadvertistment