චීන අවුරුද්ද කොළඹදී සැමරීම

54

2024 වසරේ චීන චන්ද්‍ර නව වසර සමරනු ලැබුවේ පෙබරවාරි 10 වන සෙනසුරාදා දිනයේදී ය. දින 15ක් පුරා පැවැත්වූ එම සැමරුම අවසන් වූයේ චීන පහන් කූඩු සැණකෙළියකිනි. චීන සම්ප්‍රදායට අනුව, සෑම වසරක් ම චීන රාශි චක්‍රයේ ඇති විවිධ සතුන් 12 දෙනෙකුගේ නම්වලින් නියෝජනය වෙයි. 2024 වසරේදී හාවාගේ වසරේ සිට මකරාගේ වසරට පිවිසෙයි. ශීත ඍතුව අවසන් වී වසන්ත ඍතුව ආරම්භ වීම සනිටුහන් කරන හෙයින් චීන නව වසර පොදුවේ සලකන්නේ” වසන්ත සැණකෙළිය යනුවෙනි. එය චීනයේ පැවැත්වෙන වඩාත් වැදගත් සාම්ප්‍රදායික උත්සව හතරෙන් එකක් වන අතර” එහිදී” චීන චන්ද්‍ර දින දර්ශනයට අනුව නව වසරක ආරම්භය සැමරේ. චීන සම්ප්‍රදායන් සහ සංස්කෘතිය සමරන නව වසරේ සිදුවීම් දෙස විශේෂයෙන් බලන විට” එය චීන නව වසර ලෙස හැඳින්විය හැකිය. කෙසේ වෙතත්, නැගෙනහිර සහ අග්නිදිග ආසියානු රටවල් ද මෙවැනි උත්සව සමරයි. එමෙන් ම” විවිධ සංස්කෘතීන් සහ රටවල් අනුව සැමරුම් වෙනස් වේ.

චීන අවුරුද්ද කොළඹදී සැමරීම

චන්ද්‍ර නව වසර යනු චන්ද්‍ර දින දර්ශනයට අනුව නව වසරක් සනිටුහන් කරන සියලු ම උත්සව ඇතුළත් වන වඩාත් පොදු යෙදුමකි. චීන නව වසර ක්‍රිස්තු පූර්ව 14 වන සියවස දක්වා අතීතයට දිව යන අතර” ෂැං රාජවංශය රට පාලනය කළ සමයේ එය ආරම්භ වී ඇතැයි සැලකේ. එහි මූලාරම්භය පුරාවෘත්තයන්හි සඳහන් වේ.

චීන අවුරුද්ද කොළඹදී සැමරීම

චීන පුරාවෘත්තවල සඳහන් වන්නේ” ඔවුන් නියාන් (චීන භාෂාවෙන් ‘වසර.) නමැති රකුසාට එරෙහිව සටන් කිරීම සඳහා ආපසු යන බව ය. 2024 වසර හාවාගේ වසරේ සිට දැව මකරාගේ වසරට මාරු වෙයි. දැව මකරාගේ වසරක් එළඹෙන්නේ” වසර 60කට වරකි. මීට පෙර දැව මකරාගේ වසරක් අවසන් වරට එළඹියේ” 1964 වසරේදී ය. ඊට පෙර එය 1904 වසරේදී එළඹිණි.

චීන අවුරුද්ද කොළඹදී සැමරීම
චීන අවුරුද්ද කොළඹදී සැමරීම

මෙවර චීන නව වසර සමරමින් ඉතා අලංකාර සංස්කෘතික සංදර්ශනයක් කොළඹ චීන තානාපති කාර්යාලය හා බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව සංවිධානය කර තිබිණි‘ මෙම සංදර්ශනය සඳහා චීනයේ සිටම නැටුම් කණ්ඩායමක් පැමිණ සිටි අතර එය මෙරට ප්‍රේක්ෂකයින්ට ආශ්වාදනීය අත්දැකීමක් විය. මේ උත්සවය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

චතුර

advertistmentadvertistment
advertistmentadvertistment