අලියෙක්ට වස දීලා

151


කතරගම අභිනවාරාම විහාරස්ථානයට අයත් අසේල නැමැති අලියාට කාබයිට් නැමැති රසායනික ද්‍රව්‍යක් යෙදූ පැණි කොමඩු ගෙඩියක් දුන්බව කියන පුද්ගලයෙකු කතරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇත් ගොව්වා වන තුෂාර ප්‍රියදර්ශන නැමැති අයෙකු පොලීසියට පැමිණිලි කොට තිබේ.
අලියාට ඊයේ මෙම කොමඩු ගෙඩිය ලබාදුන් පසු මුඛය රත් වීමත් සමගම එය බිම හෙලා ඇත. ඉන්පසු නොසන්සුන්වී මුඛයෙන් සෙම වගුරුවමින් සිටි නිසා කලාපය භාර පශුවෛද්‍ය නිළධාරී ආනන්ද ධර්ම කීර්ති මහතා කැඳවා අලියාට ප්‍රථිකාර ලබාදී තිබේ. අලියාට විෂ ශරීර ගතවී නැති බව ඒ මහතා ප්‍රකාශ කොට ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment