ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙක් මිය යයි

138

ගාල්ල බන්ධනාගාර ගතව සිටි රැඳවියකු ස්වසන අපහසුතාවයක් හේතුවෙන් අද ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.මියගොස් ඇත්තේ ගාල්ල බන්ධනගාරයේ සැක අංක 2840 යටතේ බන්ධනාගාර ගතව සිටි තිස් දෙහැවිරිදි වියේ පසුවන අයෙකි .මොහු ශ්වසන අපහසුතා තත්වයක් මත බන්ධනාගාර නිලධාරින් විසින් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇත.කරාපිටිය රෝහලේ .දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මොහු මියගොස් ඇත.මොහු හෙරොයින් මත් ද්‍රව්‍ය චෝදනාවක් මත අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර . කරනු ලැබූ අයෙකි.මස දෙවැනි දින සිට මේ දක්වාගාල්ල බන්ධනාගාර ගතව සිට ඇත .මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබුණි .

advertistmentadvertistment
advertistmentadvertistment