ලංකාව තවමත් මැදි ආදායම් රටක් ලු

64

ශ්‍රී ලංකාව මැදි ආදායම් රටක් ලෙස තව දුරටත් පවතින බව රජය නිවේදනය කරයි.ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිසංස්කරණය සහ සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර බැංකුවෙන් (IBRD) ඉහළ ණය ප්‍රතිශත යටතේ වාණිජ ණය ලබාගැනීමට තවදුරටත් හැකියාවක් නොමැති බව රජය පෙන්වා දෙයි.එම නිසා ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) ලබාදෙන සහනදායී ණය පහසුකම ලබාගැනීම වෙනුවෙන් තාවකාලිකව ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක පවතින තත්ත්වයන් නොසලකා කටයුතු කිරීමට අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලා ලෝක බැංකුවට ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ඊයේ (10) දිනයේ දී ලබා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය

advertistmentadvertistment
advertistmentadvertistment