පිහි ප්‍රහාරය නිසා සල්මන් රුෂ්ඩි තාමත් කම්පනයෙන්

474

නිතරම විකාර හීන පේනවාලු

නිව්යෝර්ක් නුවරදී මීට වසරකට පමණ පෙර එල්ලවූ පිහි ප්‍රහාරය නිසා තමා තවමත් කම්පනයෙන් පෙළෙන අතර නිතර ‘මට මහ විකාර හීන පේනවා’ යැයි ප්‍රකට ලේඛක සල්මාන් රුෂ්ඩි පවසයි.

මේ ප්‍රහාරය ඔහුගේ එක් ඇසක පෙනීම අහිමි වූ අතර ඒ නිසා ඇතිවූ කම්පනයෙන් තවමත් පීඩා විඳින බව 1988 දී ‘ද සේටැනික් වර්සස්‘ ග්‍රන්ථය ලියූ 76 හැවිරිදි මෙම ලේඛකයා බීබීසී වැඩසටහනකට එක්වෙමින් ප්‍රකාශ කර තිබිණි. පසුගිය වසරේ අගෝස්තු මාසයේ නිව්යෝර්ක් ප්‍රාන්තයේ පැවති උත්සවයක වේදිකාව මතදී 10 වතාවක් පිහි ඇනුමට ලක් වීමෙන් පසුව සල්මාන් රුෂ්ඩි සති හයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබීය. සිද්ධියට සම්බන්ධ සැකකරු වන හදී මාතර් නමැත්තාට මිනීමැරීමට තැත් කිරීමේ චෝදනා එල්ල වී ඇත. තමන් වරදකරු නොවන බවට ඔහු අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇති අතර ඇප ලබාදීමකින් තොරව ඔහු මේ වන විටත් රඳවා ගෙන සිටියි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment