ආග්‍රාඔය ගඟෙන් කාන්තා මළ සිරුරක්

223


ඩයගම ප්‍රදේශයේ ආග්‍රාඔය ගඟෙන් කාන්තා මළ සිරුරක් පස්වරුවේ ඩයගම පොලීසිය මගින් ගොඩගෙන ඇත.
ප්‍රදේශයේ පුද්ගලයෙකු දැක පොලීසිට ලබාදුන් තොරතුරක් මත මෙම මළ සිරුර ගොඩ ගෙන තිබේ.
මෙම මළ සිරුර ඩයගම වතුයායේල 05 වන කොටසේ පදිංචිව සිටි 53 හැවිරිදි ස්වාමිනාදන් තංගේෂ්වරි නැමති අයෙකු බව පොලීසිය පවසයි. ඇය තනිවම ජීවත්ව සිට ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.
ඊයේ සවස හමුවූ මෙම මළ සිරුර සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය මහ රෝහල වෙත ගෙන ගොස් ඇත. ඩයගම පොලීසිය මගින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

advertistmentadvertistment
advertistmentadvertistment