ස්ත්‍රී දූෂණ සහ ළමා අපචාර නඩු කප් ගසයි – මහාධිකරණවල නඩු 29,700න් 9800ක්ම ස්ත්‍රී දූෂණ සහ ළමා අපචාර – ඇමැති විජයදාස රාජපක්‍ෂ

236

අපේ රටේ මහාධිකරණවල විභාග වෙමින් පවතින නඩු 29700 ක් අතුරින් 9800 ක්ම ස්ත්‍රී දූෂණ සහ ළමා අපචාර සම්බන්ධයෙන් නඩු බව අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා පවසයි.

තිස්තුන් වැනි ජාතික සමථ දිනය ඊයේ (18 දා) ට යෙදී තිබූ අතර ඒ වෙනුවෙන් අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති විශේෂ සැමරුම් උත්සවයක් අමතමින් අමාත්‍යවරයා පෙරේදා (17 දා) මේ බව කියා සිටියේය. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

ස්ත්‍රී දූෂණ, ළමා අපචාර මේතරම් ඉහළ යෑම සම්බන්ධයෙන් ලෝකය ඉදිරියේ අප ලැජ්ජා විය යුතුයි. අපරාධයක් සිදුවූ විට නීතිය ක්‍රියාත්මක කළ යුතු වුවත් ඊට වඩා අපි සැලකිලිමත් විය යුත්තේ අපරාධයක් සිදුවීම වළක්වා ගැනීමටයි. මේ වෙනකොට ලංකාවේ අධිකරණවල නඩු එකොළොස් ලක්‍ෂ විසිහත්දහසක් තිබෙනවා. එය අධිකරණ පද්ධතියට ඔරොත්තු දෙන තත්ත්වයක් නෙවෙයි. පසුගිය වසර 06 තුළ සමථ මණ්ඩල සඳහා යොමු කළ යුතු නඩුත් අධිකරණ වෙත යොමු වූවානම් අධිකරණවල නඩු ලක්‍ෂ 3 ක් පමණ ගොඩගැහෙනවා. ඒ නිසා සමථ මණ්ඩලවලට වැඩි පහසුකම් ලබා දෙමින් ඒවා දියුණු කළ යුතුයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment