හේතුව අකුණු සර වැදීමයි – ලංවිම මාධ්‍ය ප්‍රකාශක

75

විමර්ශනයක් කරනවා – රාජ්‍ය ඇමැති ඉන්දික

පෙරේදා (09 දා) පැය පහක පමණ කාලයක් දිවයින පුරා විදුලිය බිඳවැටීම සිදුවූයේ කොත්මලේ සිට බියගම සම්ප්‍රේෂණ මාර්ගයේ වෝල්ටීයතා රැහැන් පද්ධතියට අකුණු සර වැදීමක් හේතුවෙන් යැයි විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා පැවසීය.

හදිසි විදුලි බිඳ වැටීම පෙරේදා සවස 5.10 ට පමණ සිදුවූ අතර එය රටපුරා යථා තත්ත්වයට පත් කිරීමට රාත්‍රි 11.00 පමණ විය. විදුලිය බිඳවැටීම නිසා ජන ජීවිතයට දැඩි බාධා එල්ලවී තිබුණි. මේ හේතුවෙන් ජල සැපයුමටද බාධා එල්ලවී තිබූ බව ජල සම්පාදන මණ්ඩලය සඳහන් කර තිබුණි.

විදුලිය විසන්ධිවීමත් සමඟ වික්ටෝරියා, පොල්ගොල්ල, රන්දෙණිගල සහ රන්ටැඹේ ජලාශවල වාන් දොරටු විවෘත කිරීමට සිදුවූ බව මහවැලි අධිකාරිය සඳහන් කර තිබුණි.

පැය 06 කට ආසන්න කාලයක් විදුලිය විසන්ධිවීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment