කල්පගේට උසස්  තනතුරක්

697

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු කී‍්‍රඩක රුවන් කල්පගේ මහතා උසස් කාර්ය සාධන පුහුණුකරුවන්ගේ ඒකකයේ ප‍්‍රධානියා බවට පත් කිරීමට නියමිතව ඇති බව කි‍්‍රකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

 උසස් කාර්ය සාධක පුහුණුකරුවන්ට අදාළ සියලූ බලතල සහ වගකීම් ඒ අනුව කල්පගේ මහතා යටතට පත්කිරීමට නියමිත බව එම ආරංචි මාර්ග දක්වයි.

 කල්පගේ මහතා මේ වනවිට ටැමිල් යූනියන් කී‍්‍රඩා සමාජයේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතර මෙවර ප‍්‍රධාන අන්තර් පළාත් කි‍්‍රකට් සමාජ තරගාවලියේ ශූරතාවය ජය ගැනීමට ද ටැමිල් යූනියන් කණ්ඩායමට හැකි විය.

 ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 11 කට සහ එක්දින තරග 86 කට කී‍්‍රඩාකර ඇති කල්පගේ එහිදී ටෙස්ට් කඩුලූ 12 ක්ද, එක්දින කඩුලූ 73 ක්ද දවාගෙන තිබේ. පිළිවෙළින් එහිදී ලකුණු 284ක් සහ 844ක් රැුස්කරගෙන ඇති ඔහු ශී‍්‍ර ලංකාවේ සිටි දක්ෂතම පන්දු රකින්නෙකු ලෙස ද සැලකේ.

 ශී‍්‍ර ලංකාව, ඕමානය සහ බංග්ලාදේශය යන කණ්ඩායම්වල පුහුණු කාර්ය මණ්ඩලයන්හි විවිධ තනතුරු කල්පගේ මහතා විසින් දරනු ලැබ තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment