මෙසී ආර්ජන්ටිනාවට බලාපොරොත්තු ගෙනදෙයි

370

මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ තමන් සහභාගි වූ පළමු තරගයෙන් පරාජයට පත්වුවද දෙවැනි තරගය ලෙස ඊයේ (27 වැනිදා) මෙක්සිකෝව සමග පැවති තරගයෙන් ගෝල් 2-0ක් ලෙස ජයග්‍රහණයක් අත්කර ගැනීමට ප්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායම සමත් විය.

ලුසියල් අයිකනික් ක්‍රීඩාංගණයේදී පැවති එම තරගයේ දී ආජන්ටිනාව වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කිරීමට සුපිරි ක්‍රීඩක ලියොනල් මෙසී සමත් වූයේය. ඉන් අනතුරුව 87 වැනි විනාඩියේදී එන්සො ෆර්නැන්ඩස් විසින් ආර්ජන්ටිනාව වෙනුවෙන් තවත් ගෝලයක් වාර්තා කරන ලදී.

ආර්ජන්ටිනා මෙවර තරගාවලියේ පළමු තරගයේදී සෞදි අරාබිය හමුවේ අනපේක්ෂිත පරාජයක් ලැබූ අතර එම තරගයේ දී ද ගෝලයක් වාර්තා කිරීමට ලියොනල් මෙසීට හැකියාව ලැබුණි.

මෙසී ආර්ජන්ටිනාවට බලාපොරොත්තු ගෙනදෙයි

සත්කාරක කටාරයේ ගමන හමාරයි

මෙසී ආර්ජන්ටිනාවට බලාපොරොත්තු ගෙනදෙයි

මෙවර ලෝක කුසලාන තරගාවලියේ සත්කාරක රට වූ කටාර් දේශයට තරගාවලියේ ඉදිරි අදියර වන කණ්ඩායම් 16 වටයට සුදුසුකම් ලැබීමට නොහැකි වී ඇත.

ඒ ඔවුන් සහභාගි වූ දෙවැනි තරගයෙන් ද පරාජයට පත්වීමයි.

සෙනගලය හමුවේ පැවැති දෙවැනි තරගයෙන් 3-1 ක පරාජයක් ලැබූ කටාරය තරගාවලියේ සමාරම්භක තරගය වූ ඉක්වදෝරය හමුවේ තරගයෙන් ද පරාජයට පත්වී තිබිණි.

ඒ අනුව ලෝක කුසලාන තරගාවලියක සමාරම්භක තරගයෙන් පරාජයට පත් වූ පළමු කණ්ඩායම වූ කටාරය මෙවර තරගාවලියේ ඉදිරි ගමන අහිමි වූ පළමු කණ්ඩායම බවටද පත් විය. එමෙන්ම පළමු තරග දෙක අවසානයේ දී තරගාවලියේ ඉදිරි ගමන අහිමි වූ පළමු සත්කාරක කණ්ඩායම බවටද කටාරය පත් විය.

ඔවුන් මෙවර තරගාවලියේ සහභාගිවන මීළඟ තරගය සහ අවසන් තරගය නෙදර්ලන්තය සමග පැවැත්වෙයි.

ඔස්ටේ්‍රලියාව ටියුනීසියාව පරදවයි

මෙසී ආර්ජන්ටිනාවට බලාපොරොත්තු ගෙනදෙයි

ඔස්ටේ්‍රලියාව සහ ටියුනීසියාව අතර පෙරේදා පැවති තරගයෙන් ගෝල් 1-0ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ඔස්ටේ්‍රලියාව සමත්විය.

ඔස්ටේ්‍රලියාව වෙනුවෙන් එම ගෝලය මිචෙල් ඩියුක් වාර්තා කළ අතර එම ජයග්‍රහණය මෙවර තරගාවලියේදී ඔස්ටේ්‍රලියාව ලැබූ පළමු ජයග්‍රහණය විය.

ප්‍රංශය අපරාජිත ගමනක

මෙසී ආර්ජන්ටිනාවට බලාපොරොත්තු ගෙනදෙයි

ප්‍රංශය සහ ඩෙන්මාර්කය අතර තරගයෙන් ගෝල් 2-1ක ජයග්‍රහණයක් ලැබූ ප්‍රබල ප්‍රංශ කණ්ඩායම මෙවර තරගාවලියේ දෙවෙනි ජයග්‍රහණය තම නම ඉදිරියේ සටහන් කර ගත්තේය.

ප්‍රංශයේ ප්‍රථම තරගය වූ ඔස්ටේ්‍රලියාව සමග තරගය 4-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට එවර ගෝල් දෙකක් වාර්තා කළ කයිලාන් බැප්පේ පෙරේදා ඩෙන්මාර්කයට එරෙහිවද ගෝලයක් වාර්තා කිරීමට සමත් වූයේය. එසේම ප්‍රංශය වෙනුවෙන් දෙවෙනි ගෝලය ඇන්ඩි්‍රයස් ක්‍රිස්ටෙන්සන් වාර්තා කළේය.

සෞදියේ ප්‍රීතිය පෝලන්තය නවතයි

ආජන්ටිනාව පරදා ලද ජයග්‍රහණයේ ප්‍රීතිය සමග පෙරේදා එඩියුකේශන් සිටි ක්‍රීඩාංගණයට පිවිසි සෞදි අරාබි ක්‍රීඩකයන්ට පෝලන්තය හමුවේ 2-0ක පරාජයක් හිමිවිය.

advertistmentadvertistment
advertistmentadvertistment