ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය සමග වැලිගම ෆේස්බුක් සාදයක් වටලා 10ක් අත්අඩංගුවට

269

වැලිගම පැලෑන ප්‍රදේශයේ ප්‍රසිද්ධ සංචාරක හෝටලයක පැවැති ෆේස්බුක් සාදයක් වටලා විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය සමඟ තරුණයන් 9දෙනෙකු සමඟ තවත් අයකු අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස දූෂණ මර්දන අංශය කියයි.

මාතර කොට්ඨාස දූෂණ මර්දන අංශයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකොට තිබේ.

එහිදී නීතිවිරෝධී මත්ද්‍රව්‍යයක් වන ගංජා, සහ හඳුනා නොගත් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් 08 දෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබිණි. ඔවුන් බෙලිඅත්ත, වංචාවල, උඩුකාව – තෙලිජ්ජවිල, කනංකේ කඩවීදිය, මිරිස්ස, පැලෑන සහ රනාල ප්‍රදේශයේ පදිංචි වයස 21, 24, 27, 35, 22, 17, යන වයසේ පසුවන්නන් වෙති. මෙම සාදය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංවිධානය කොට තිබූ බවත් එ සඳහා දිවයිනේ නන් දෙසින් විශාල පිරිසක් පැමිණ සිටි බවද පොලිසිය කියයි.

මෙම වැටලීම මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා මහතාගේ උපදෙස් සහ නියෝග පරිදි කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති විපුල ධම්මික මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක අයි. ඒ.එන්. සංජිව, උප පොලිස් පරීක්ෂක අශෝක පියංකර, උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එච්. ඩී. මිහිරංග ඇතුළු නිලධාරී කණ්ඩායමක් වැටලීමට එක්ව සිටියහ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
වැලිගම එන්. එන්. මුරුතවලගේ

advertistmentadvertistment
advertistmentadvertistment