පිළිකා නසන දේශීය සහ ආයුර්වේද ප්‍රතිකාර ගුණ අගුණ වන හැටි

1097

පිළිකා රෝග සම්බන්ධව සිදු කරන ප්‍රතිකාරවල දී ආයුර්වේද සහ දේශීය ප්‍රතිකාර මගින් සාර්ථක ප්‍රතිඵල ලැබී ඇතැයි නාවින්න දේශීය වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් සිදු කළ අලුත්ම පර්යේෂණයක් මගින් අනාවරණය වී ඇත.

විවිධ පිළිකා රෝගීන් සම්බන්ධ කරගෙන සිදුකර ඇති මෙම පර්යේෂණයට ලක්වූ රෝගීන් විශාල පිරිසකට මෙම ආයුර්වේද සහ දේශීය ප්‍රතිකාර මගින් සුවය ලැබී ඇත්තේ ඒ සම්බන්ධව සිදු කරන ප්‍රතිකාර ක්‍රමවේදය අනුවය.

දේශීය වෛද්‍ය ක්‍රමය සහ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව බිහිව ඇත්තේ වසර දහස් ගණනකට පෙර සිට ය.

මෙම වෛද්‍ය ක්‍රම තුළ සිරුරේ හටගන්නා ඕනෑම රෝගයක් සුව කිරීමේ හැකියාව පවතී. ඒ අනුව පිළිකා රෝගය සම්බන්ධව ද එසේ ප්‍රතිකාර කිරීමේ ක්‍රම රැසක් ඇත.

මෙම ප්‍රතිකාර ක්‍රම බිහිව ඇත්තේ ඍෂිවරුන්ගේ නුවණින් ය. එනිසා එම ඍෂිවරු සිය නුවණ මෙහෙයවා සකස් කළ වට්ටෝරුවලට අනුව බෙහෙත් වර්ග රෝගීන්ට ලබාදේ.

එම ප්‍රතිකාරවල දී අවශ්‍ය නම් සැත්කම් සිදු කිරීම, පිළිකා සෛල පුළුස්සා දැමීම ආදිය සිදු කරනු ලබයි.

මෙම ප්‍රතිකාර ක්‍රම වර්තමානයේ සිදුකරන්නේ ඖෂධ වර්ග මගින් ආයුර්වේදයේ සහ දේශීය වෛද්‍ය ක්‍රමයේ දී පිළිකා සඳහා සැත්කම් සිදු කිරීම අතීතයේ දී බහුලව සිදු කර ඇත. නමුත් වර්තමානයේ දී එම සැත්කම් කිරීමට අදාළ පහසුකම් නොමැතිකමින් එය සිදුකරන්නේ නැත. නමුත් ඊට සමානව ඖෂධ මගින් ප්‍රතිකාර සිදු කළ හැකිය.

එසේම බටහිර වෛද්‍ය ක්‍රමයේ දී සිදු කරන පිළිකා සඳහා වූ විකිරණ ප්‍රතිකාරය ආයුර්වේදයේ සහ දේශීය වෛද්‍ය ක්‍රමයේ දී ඖෂධ වර්ග බාහිරින් ආලේප කිරීම මගින් සිදු කරනු ලබයි. එම ආලේප මගින් අදාළ පිළිකා සෛල පුළුස්සා දමයි.

පිළිකා රෝග සඳහා ප්‍රතිකාර කිරීමේදී රෝගියාගේ රෝග තත්ත්වය මෙන්ම ඒ සඳහා බලපා ඇති කුසල අකුසල කර්ම පිළිබඳවත් සොයා බැලිය යුතුයි. අකුසල කර්ම ඵල දෙනවිට මෙවැනි රෝග ඉතා දරුණු ලෙස සිරුර පුරා පැතිරේ.

ඒ අනුව ඇතැම් රෝගීන්ට වැළඳෙන පිළිකා සිරුර පුරා පැතිරීමත් තවත් රෝගීන්ට වැළඳෙන පිළිකාව සිරුර පුරා පැතිර නොගොස් එක් පෙදෙසක පමණක් පවතින්නේත් මෙම කුසල අකුසල කර්ම අනුවය. එනිසා ආයුර්වේද සහ දේශීය ප්‍රතිකාර ක්‍රමයේ දී මේ පිළිබඳවත් විශේෂ අවධානයක් යොමු කරයි.

මෙලෙස සිරුරේ මතුවන කර්ම රෝග පහක් ආයුර්වේදයේ සහ දේශීය වෛද්‍ය ක්‍රමයේ සඳහන් කර ඇත. ඒවා පිළිකා, සුදු කබර, පොතුකබර, කුෂ්ට රෝග සහ මීමැස්මොර යන රෝගයන්ය. මෙම රෝග කර්මජ රෝග ලෙස හඳුන්වයි. මෙම රෝග

හටගන්නේ පෙර අකුසල කර්ම අනුව බව පවසා ඇත. මෙම රෝග හටගැනීමට බලපා ඇති කර්ම ශක්තිය අනුව ඇතැම් රෝගීන්ට රෝගය සුවකළ හැකි අතර තවත් රෝගීන්ට එය සුව කළ නොහැකිය.

මෙවැනි රෝග සඳහා සිදු කරන ප්‍රතිකාරවල දී භාවිත කරන ඖෂධ වර්ද රැසක් ඇත.

පිළිකා රෝගයේ දී සිදුවන්නේ ජාන විකෘතිවූ සෛල විශාල ප්‍රමාණයක් ඉතා ඉක්මනින් සිරුරේ වර්ධනය වීමය. මෙම සෛල වර්ධනය සඳහා ශරීරයේ ශක්තිය උරාගනු ලබයි. එනිසා විශාල සෛල ප්‍රමාණයක් නිපදවීමට සිරුරින් නිතර නිතර ශක්තිය උරා

ගැනීම නිසා පුද්ගලයාගේ සිරුර දුර්වල වීමට පටන් ගනී. එනිසා ප්‍රතිකාර කිරීමේදී මෙය හඳුනාගෙන පිළිකා සෛල විනාශ කිරීමට මෙන්ම එම රෝගියාගේ දුර්වල වන ශරීර ශක්තිය නැවත වර්ධනය කිරීමට අදාළව ද ප්‍රතිකාර ලබාදිය යුතුය.

ඒ සඳහා අර්ක, රස, ඖෂධ, ආලේප, චූර්ණ, ගුලි, ආදී විවිධ ඖෂධ රැසක් රෝගියාට ලබා දේ.

මෙම අර්ක ඖෂධය රාවණා රජු විසින් සොයාගනු ලැබූවකි. එය සකස් කරන්නේ ඖෂධ වර්ග රැසක් පැසවීමට ලක්කර එහි ස්ප්‍රිතුව ලබාගැනී මෙනි. එය දින 07ක් පැසවා ගනු ලබයි. රස ඖෂධ යනු රත්තරන්, රසදිය ආදිය මිශ්‍රකර සාදන ඖෂධයකි. එහි ඇති විෂ සහිත බවින් පිළිකා සෛල විනාශ කරයි. මෙම විෂ සහිත බව සිරුරේ අනෙකුත් ඉන්ද්‍රීයයන්ට හානියක් නොවීම සඳහා වෙනත් ඖෂධ වර්ග රැසක් පානයට ලබාදේ.

මෙම ඖෂධ වර්ග සියල්ල සකස් කරන්නේ ස්වභාවික ශාක වර්ග භාවිත කරමිනි. එනිසා ඒවා මිනිස් සිරුරට අහිතකර නැත.

වැඩිදුර විස්තර සඳහා දුරකථන අංක 0778985757 ඇමැතිය හැකිය.

පිළිකා නසන දේශීය සහ ආයුර්වේද ප්‍රතිකාර ගුණ අගුණ වන හැටි

ආයුර්වේද, පාරම්පරික, දේශීය, සර්වාංග, රස වෛද්‍ය
ආචාර්ය වජිරජීව සරත් කුමාර
ජීවබල වෙද මැඳුර අංක 46/2/4
නැඟෙනහිර මාවත, කිරිල්ලවල, කඩවත.

advertistmentadvertistment
advertistmentadvertistment